අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ පාසල් ක‍්‍රිකට් සංගමයේ අනුමැතියකින් තොරව, මාතලේ ප‍්‍රදේශයේ ක‍්‍රිකට් පුහුණු පාසලක වයස 13 න් පහළ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් පිරිසක් විස්සයි20 තරගාවලියක් සඳහා යැයි පවසමින් ඉන්දියාවේ බැංගලෝර්හි සංචාරයකට සහභාගි කරවා ඇතැයි වාර්තා වේ.
නව පාසල් ක‍්‍රීඩා නීතියට අනුව වයස 13 න් පහළ වයස් කාණ්ඩයේ තරගකාරි ක‍්‍රීඩා ඉසව් පැවැත්විය නොහැකි අතර වයස 19 න් පහළ හැර සෙසු වයස් සීමාවන්ගේ විස්සයි20 ක‍්‍රිකට් තරග පැවැත්විය නොහැක.
මෙම සංචාරය සඳහා කී‍්‍රඩකයන් කැඳවාගෙන ගිය නිලධාරියා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ තරග තීරකවරයකු යැයිද වාර්තාවේ. මෙම නිලධාරියා සෑම වසරකම පාසල් ක‍්‍රීඩකයන් කුඩා කණ්ඩායම් ලෙස සංචාර සඳහා රැගෙන යන බවත් මෙය ක‍්‍රිකට් ආම්පන්න ගෙන්වීමේ ව්‍යාපාරයක් බවත් තතු දන්නෝ පවසති.
මෙම සංචාරය සඳහා ක‍්‍රීඩකයකුගෙන් විශාල මුදලක් අයකරගෙන ඇති බවත් වාර්තා වේ. මෙවැනි සංචාර සංවිධානය කිරීමට පානදුර, මොරටුව, අලූත්ගම ආදි ප‍්‍රදේශවල පුහුණුකරුවන් කීප දෙනෙකුද ප‍්‍රසිද්ධියක් උසුලන බව ද කියැවේ.
මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ බී. ඒ. අබේරත්න මහතා පැවසුවේ එවන් තරගාවලියක් සඳහා තමන්ගෙන් අවසර ඉල්ලා නොමැති බවයි. පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා පැවසුවේද එවැනි සංචාරයක් පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවයි.
- යොහාන් භාසුර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.