Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ‘සිංගර් කුසලාන’ අර්ධ අවසන් පූර්ව තරග 24-25-26 තෙදින

‘සිංගර් කුසලාන’ අර්ධ අවසන් පූර්ව තරග 24-25-26 තෙදින

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (24), හෙට (25) සහ අනිද්දා (26) යන දින වලදී පැවැත්වේ.

මෙහි මූලික වටයයේ තරග පාසල් 48 ක සහභාගීත්වයෙන් කාණ්ඩ 12 ක් යටතේ දිවයින පුරා පැවැත්විණ.

ගාල්ල රිච්මන්ඞ් විදුහල (‘ ඕ’ කාණ්ඩය), කැලණිය ගුරුකුල විදුහල (‘පී’ කාණ්ඩය), අනුරාධපුර මැදි විදුහල (‘කියු’ කාණ්ඩය), ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල (‘ආර්’ කාණ්ඩය), ඞී. එස්. සේනානායක විදුහල (‘එස්’ කාණ්ඩය), කොළඹ ආනන්ද විදුහල (‘ටී’ කාණ්ඩය), බම්බලපිටිය ශාන්ත පීතර විදුහල (‘යූ’ කාණ්ඩය), කොළඹ තර්ස්ටන් විදුහල (‘වී’ කාණ්ඩය), කොළඹ මහානාම විදුහල (‘ඩබ්ලිව්’ කාණ්ඩය), අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල (‘එක්ස්’ කාණ්ඩය), කොළඹ ශාන්ත ජෝශප් විදුහල (‘වයි’ කාණ්ඩය) සහ මහනුවර ති‍්‍රත්ව විදුහල (‘ඉසෙඞ්’ කාණ්ඩය) එම කාණ්ඩ 12 හි ප‍්‍රථම ස්ථාන දිනාගෙන පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල (‘වයි’ කාණ්ඩය), කොළඹ ඉසිපතන විදුහල (‘ටී’ කාණ්ඩය), කොටහේන ශාන්ත බෙනඩික් විදුහල (‘යූ’ කාණ්ඩය) සහ මොරටු විද්‍යාලය (‘පී’ කාණ්ඩය) එම කාණ්ඩ 12 හි ප‍්‍රසාද ලකුණු අනුව දෙවැනි හොඳම කණ්ඩායම් 4 ලෙසින් පෙර අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියහ.

මෙම තරග වාරයේදී ෂෂ වැනි කාණ්ඩයට අලූතින් පැමිණි අනුරාධපුර මැදි විදුහල, පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් අතර පෙරළිකාර කණ්ඩායමක් ලෙස හැදින්විය හැක. මූලික වටයේදී කොළඹ නාලන්ද විදුහලට සහ මාතලේ ශාන්ත තෝමස් විදුහලට එරෙහිව ජයග‍්‍රහණ වාර්තා කිරීමට අනුරාධපුර මැදි විදුහල සමත්විය.

මෙම තරගාවලියේ පසුගිය වසරේ ශූරයන් වූ බම්බලපිටිය ශාන්ත තෝමස් වදුහල සහ අනුශූරයන් වූ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල මෙවරද පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබීම කැපීපෙනේ.


පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග කාලසටහන

24 වැනිදා

  • බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල - බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩාංගණයේදී
  • කොළඹ තර්ස්ටන් විදුහල සහ කොළඹ මහානාම විදුහල - තර්ස්ටන් විදුහල් කී‍්‍රඩාංගණයේදී

25 වැනිදා

  • අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ කොළඹ ශාන්ත ජෝශප් විදුහල  -
  • එන්. සී. සී. කී‍්‍රඩාංගණයේදී
  • මහනුවර ති‍්‍රත්ව විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල -
  • අස්ගිරිය කී‍්‍රඩාංගණයේදී
  • කැලණිය ගුරුකුල විදුහල සහ අනුරාධපුර මැදි විදුහල - බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩාංගණයේදී
  • කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සහ කොළඹ ආනන්ද විදුහල - ආනන්ද විදුහල් කී‍්‍රඩාංගණයේදී

26 වැනිදා

  • ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ මොරටු විද්‍යාලය - ගාල්ල අන්තර් ජාතික කී‍්‍රඩාංගණයේදී
  • ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ ඞී. එස්. සේනානායක විදුහල එන්. සී. සී. කී‍්‍රඩාංගණයේදී


- 036

 


අදහස් (0)

‘සිංගර් කුසලාන’ අර්ධ අවසන් පූර්ව තරග 24-25-26 තෙදින

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.