වෙළද සේවා ‘බී’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ලීග් තරග අවසන් වනවිටදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් මාස් සිලූටා ‘ඒ’, ජෝන් කීල්ස් ‘බී’, පවර්ටෙක් සිමෙන්ති සහ කොමර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ යන කණ්ඩායම් අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ.
ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් මාස් සිලූටා ‘ඒ’ කණ්ඩායම සහභාගීවූ තරග හයම ජයගනිමින් ප්‍රසාද ලකුණු 29 ක් ලබාගැනීමට සමත්විය. ජයගත් තරග හයෙන් තරග පහකදී අතිරේක ප්‍රසාද ලකුණු පහක් හිමිකර ගැනීමටද මාස් සිලූටා ‘ඒ’ කණ්ඩායම සමත් වූයේය.
ජෝන් කීල්ස් ‘බී’ කණ්ඩායම ප්‍රසාද ලකුණු 23 ක්ද, පවර්ටෙක් සිමෙන්ති කණ්ඩායම ප්‍රසාද ලකුණු 19 ක් සහ කොමර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ කණ්ඩායම ප්‍රසාද ලකුණු 14 ක් දිනාගනිමින් පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි, තෙවැනි සහ සිව්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්වූහ.
සිංගර් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම තරග හයකට සහභාගී වුවද එකඳු තරගයක් හෝ ජයගැනීමට අවස්ථාවක් හිමිනොවීය.
මාස් සිලූටා ‘ඒ’ සහ කොමර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ කණ්ඩායම් අතර පළමු අවසන් පූර්ව තරගය වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදීත් ජෝන් කීල්ස් ‘බී’ සහ පවර්ටෙක් සිමෙන්ත කණ්ඩායම් අතර දෙවැනි අවසන් පූර්ව තරගය කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදීද හෙට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
වර්ෂාව හේතුවෙන් හෙට දින තරගය පැවැත්වීමට නොහැකිවුව හොත් අනිද්දා (08 වැනිදා) අතිරේක දිනයක් ලෙස යොදා ගැනීමට වෙළඳ සේවා ක්‍රිකට් සංගමය තීරණය කර ඇත.
අවසන් පූර්ව වටයෙන් ජයගන්නා කණ්ඩායම් දෙක අතර අවසන් මහා තරගය 14 වැනිදා වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්විමට කටයුතු යොදා ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.