Last Update  :  2025-08-17 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හිටපු ක්‍රීඩකයන් 13 කට මාසික දීමනාවක්

හිටපු ක්‍රීඩකයන් 13 කට මාසික දීමනාවක්

යොහාන් භාසුර - 2019 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමිවීමට පෙර ‘ලංකා’ කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර සහ දේශීය මට්ටමේ දස්කම් දැක්වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් 13 දෙනකුට මාසික දීමනාවක් සහ වෛද්‍ය දීමනාවක් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෝරාග්නා ලද එම හිටපු ක්‍රීඩකයන් 13 දෙනාට ලබන සැප්තැම්බර් මස සිට වසර කාලයක් මාසකට රුපියල් 25,000 බැගින් දීමනාවක් පිරිනැමේ. ඊට අමතරව එම ක්‍රීඩකයන්ට රෝහල්ගත වුවහොත් රුපියල් 150,000 ක වෛද්‍ය දීමනාවක් ද පිරිනැමීමට විධායක කමිටු අනුමැතිය හිමිවී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අතීතයේ වෙහෙස වූ මෙම හිටපු ක්‍රීඩකයන්ගේ සැඳෑ සමය සැපවත් කිරීම සඳහා වගකීමක් ලෙස සළකා මෙම තීරණගත් බවයි.


මාසික දීමනාවට හිමිකම් කියන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ (13)


අදහස් (0)

හිටපු ක්‍රීඩකයන් 13 කට මාසික දීමනාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.