වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී හේලීස් ගෲප් ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට හැටන් නැෂනල් බැංකුව ‘ඒ’ කණ්ඩායම අද (19 වැනිදා) සමත්විය. මෙම තරගය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
දේශාන් ඩයස් (52) අර්ධ ශතකයක් රැස්කරමින් හැටන් නැෂනල් බැංකු පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
හේලීස් ගෲප් - ඕවර 35.3 කදී සියලුදෙනා දැවී ලකුණු 135
(ලිසුල ලක්ෂාන් 27, ඇන්ඩි සොලමන් 24, නවීන් ගුණවර්ධන 22/3, කෝසල කුලසේකර 13/2, ළහිරු විමුක්ති 37/2)
හැටන් නැෂනල් බැංකුව - ඕවර 36.3 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 139
(දේශාන් ඩයස් 52, කෝසල කුලසේකර නොදැවී 26, අලී ඛාන් 37/3, ලසිත් ඇඹුල්දෙණිය 21/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.