Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හසිත - විමුක්ති ත්‍රිත්ව විද්‍යාලයට ජය ගෙනෙති

හසිත - විමුක්ති ත්‍රිත්ව විද්‍යාලයට ජය ගෙනෙති

රොෂාන් ගුණරත්න - 2017 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 49 ක ජයක් ලබාගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අද (19 වැනිදා) සමත්විය. මෙම තරගය මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ හසිත බෝයගොඩ (නොදැවී 130) ශතකයක් ලබාගත් අතර විමුක්ති නෙතුමාල් ලකුණු 68 කට කඩුලු 8 ක් සහ කවිශ්ක සේනාධීර ලකුණු 77 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

සා. සර්වේශස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 59.2 කදී සියලුදෙනා දැවී ලකුණු 138
(සඳරු නෙත්මිණ 28, කේසර නුවන්ත 21, සුපුන් කාවින්ද 20, කවිෂ්ක සේනාධීර 48/4, තිසරු ඩිල්ෂාන් 29/3, විමුක්ති නෙතුමාල් 41/3)

ත්‍රිත්ව විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 77 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 272
(හසිත බෝයගොඩ නොදැවී 130, පූර්ණ වනසේකර 49, ටේ‍රවෝන් පර්සිවිල් නොදැවී 25, ඉමංග සුරියම්පොල 25, හසින්ත ජයසූරිය 20)

සා. සර්වේශස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 32.2 කදී සියලුදෙනා දැවී ලකුණු 85
(ශශික දුල්ශාන් 27, පසිඳු මනුප්‍රිය නොදැවී 25, විමුක්ති නෙතුමාල් 27/5, කවිශ්ක සේනාධීර 29/2)

 


අදහස් (0)

හසිත - විමුක්ති ත්‍රිත්ව විද්‍යාලයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.