Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හසරංග - ශම්සි තියුණු තරගයක

හසරංග - ශම්සි තියුණු තරගයක

editorial - 2021 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

හෙට ඇරඹෙන ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු විස්සයි20 තරගාවලියේදී පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය සඳහා තබ්‍රේස් ශම්සි (792) සහ වනිඳු හසරංග (764) අතර තියුණු සටනක් ඇතිවනු නිසැකය. යම් හෙයකින් වනිඳු හසරංගට ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය ලබාගැනීමට හැකිවුවහොත් විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හී පළමු ස්ථානය ලබාගත් දෙවැනි ශ්‍රී ලාංකිකයා ඔහු වනු ඇත.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම විස්සයි-20 පන්දු යවන්නනකු වන අජන්ත මෙන්ඩිස් මීට පෙර විස්සයි-20 පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන සිටියේය. 2011 නොවැම්බර් 24 වැනිදා වන විට ලෝකයේ විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම් අතරේ අංක 1 හිමිව තිබුණේ අජන්ත මෙන්ඩිස්ටය. 

ඉන්දියාවට එරෙහිව පසුගියදා අවසන් වූ විස්සයි20 තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රේණිගත ලකුණු 720 ක් ලබාගනිමින් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට වනිඳු හසරංග පත්විය. 

ඉන්පසුව පැවැති අනෙක් තරග දෙකේදී ලකුණු 39 කට කඩුලු 5 ක් දවාගනිමින් දැක්වූ දක්ෂතාවය හේතුවෙන් නවතම ශ්‍රේණිගත ගත කිරීම් වලට අනුව තවත් ශ්‍රේණිගත ලකුණු 44 ක් එක්කර ගත් වනිඳු හසරංග පළමු ස්ථානයේ පසුවන තබ්‍රේස් ශම්සි සමග පැවැති ශ්‍රේණිගත ලකුණු අතර පරතරය 28 ක් දක්වා අඩුකර ගත්තේය.

වනිඳු හසරංගට අමතරව විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරිම්හි හොඳම 100 දෙනා අතර ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, ලසිත් මාලිංග සහ ඉසුරු උදාන රැඳී සිටිති. නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව 14 වැනි ස්ථානයේ සිටි ලක්ෂාන් සඳකැන් ස්ථාන දෙකක් පහත වැටෙමින් 16 වැනි ස්ථානයට පත්ව ඇත.

ඉන්දීය තරගාවලියේදී ඉදිරියට පැමිණි දුෂ්මන්ත චමීර (18) නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව ස්ථාන දෙකක් පහත වැටී ඇති අතර ඉන්දිය තරගාවලියෙන් පසුව 36 වැනි ස්ථාන දක්වා පැමිණි අකිල ධනංජය එම ස්ථානයේම රැඳී සිටින්නේය.

වසර දෙකකට ආසන්න කාලයක් විස්සයි20 ජාත්‍යන්තර තරගයකට එක් නොවූ ලසිත් මාලිංග තවමත් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී 62 වැනි ස්ථානයේ රැඳී සිටින අතර ඉන්දීය විස්සයි20 තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ඉසුරු උදාන 87 වැනි ස්ථානයේ රැඳී සිටින්නේය.

විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර 11 වැනි ස්ථානයේ පසුවන වනිඳු හසරංග හොඳම විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩකයන් 20 දෙනා අතර සිටින එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයාද වෙයි. 

 


අදහස් (0)

හසරංග - ශම්සි තියුණු තරගයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.