පාකිස්තාන පිල සහ සිම්බාබ්වේ පිල අතර සිම්බාබ්වේහිදී පැවැත්වෙන එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලූ 7 ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට සිම්බාබ්වේ පිල අද (27 වැනිදා) සමත්විය.
අවසන් වරට සිම්බාබ්වේ කණ්ඩායමක් පාකිස්තානයට එරෙහිව ජයග‍්‍රහණයක් වාර්තාකර තිබෙන්නේ මීට වසර 15 කට පෙරාතුවය.
පාකිස්තානය ලබාදුන් ලකුණු 245 ක ඉලක්කය කඩුලූ 3 ක් පමණක් දැවී, පන්දු 10 ක් ඉතිරිව තිබියදීම පසුකරයාමට සිම්බාබ්වේ පිලේ පිතිකරුවෝ සමත්වූහ.
තරගයේ වීරයා බවට පත්වූ හැමිල්ටන් මස්කඞ්සා පන්දු 104 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 85 ක් රැස්කළේය.
පාකිස්තාන පිල - ඕවර 50 කදී කඩුලූ 7 කට 244
(නසීර් ජම්ශේඞ් 27, අහමඞ් ශෙහෙසාද් 24, මොහොමඞ් හෆීස් 70, මිස්බා උල් හක් නොදැවී 83, ටෙන්ඩායි චාටරා 32/2, බ‍්‍රයන් විටෝරි 42/2)
සිම්බාබ්වේ පිල - ඕවර 48.2 කදී කඩුලූ 3 කට 246
(හැමිල්ටන් මස්කඞ්සා 85, වුසී සිබන්ඩා 54, බ්‍රෙන්ඩන් ටේලර් නොදැවී 43, ශේන් විලියම්ස් නොදැවී 39, සයිඞ් අජ්මාල් 44/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.