Last Update  :  2025-05-22 21:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සී.සී.සී. පිටියටත් දිවා/රාත්‍රී තරග එයි
විස්සයි-20 ක්‍රිකට්

සී.සී.සී. පිටියටත් දිවා/රාත්‍රී තරග එයි

editorial - 2025 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

කොළඹ නගරයේ පිහිටි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණ අතුරින් දිවා/රාත්‍රී තරග පැවැත්වීමේ පහසුකම් ඇති දෙවැනි ක්‍රීඩාංගණය බවට සී.සී.සී. ක්‍රීඩාංගණය පත්වෙයි. එහි පළමු වැනි රාත්‍රී තරගය ලෙසින් ජූනි මස 8 වැනිදා පැවැත්වෙන අන්තර් සමාජ (ප්‍රධානතම) විස්සයි-20 තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ඉතිහාසයට එක්වනු ඇත. 

අන්තර් සමාජ (ප්‍රධානතම) විස්සයි-20 තරගාවලියේ අවසන් පූර්ව තරග ජූනි මස 8 වැනිදා කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් තරගය ජූනි 11 වැනිදා සී.සී.සී. ක්‍රීඩාංගණයෙදීම පැවැත්වේ. 

ඉදිරියේ එන බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරයට සූදානම් වීමේ අටියෙන් අන්තර් සමාජ (ප්‍රධානතම) විස්සයි-20 තරගාවලියේ අවසන් පූර්ව තරග දෙක සහ අවසන් තරගය විදුලි ආලෝකය මැද පැවැත්වීමට තීරණය කර තිබේ. 

පළමු අවසන් පූර්ව තරගය 8 වැනිදා පස්වරු 3.00 ට ආරම්භ වන අතර දෙවැනි අවසන් පූර්ව තරගය ජූනි 7.30 ට ආරම්භ කිරීමට නියමිතය. අවසන් තරගය ජූනි 11 වැනිදා රාත්‍රී 7.30 ට ආරම්භ වේ. වර්ෂාවෙන් බාධා ඇතිවුවහොත් අවසන් තරගය 12 වැනිදා නැවතත් පැවැත්වීමට නියමිතය. 

පසුගිය 16 වැනිදා ආරම්භ වූ අන්තර් සමාජ (ප්‍රධානතම) විස්සයි-20 තරගාවලියට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා පසුගිය සඳුදා එය තාවකාලිකව අත්හිටුවන ලදි. එහෙත් තරගාවලිය යළිත් වරක් මෙ මස 25 වැනිදා ආරම්භ කෙරේ.

සංශෝධිත කාල සටහන අනුව තරගාවලියේ ඉතිරි තරග මැයි 25, 26, 28, 31, ජූනි 2 සහ 3 දිනවලදී පැවැත්වේ. 

කණ්ඩායම් 14 ක්, කාණ්ඩ දෙකකින් තරග වදින අන්තර් සමාජ (ප්‍රධානතම) විස්සයි-20 තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග ජූනි මස 5 වැනිදා කොළඹ පී.සරවනමුත්තු සහ සී.සී.සී. ක්‍රීීඩාංගණ වලදී පැවැත්වේ. 


අදහස් (0)

සී.සී.සී. පිටියටත් දිවා/රාත්‍රී තරග එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.