Last Update  :  2025-07-19 11:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සෙනිතගේ දස්කම් පානදුරට ජය ගෙනෙයි
අන්තර් සමාජ ක්‍රිකට්

සෙනිතගේ දස්කම් පානදුරට ජය ගෙනෙයි

editorial - 2025 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (17 වැනිදා) පානදුර ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට පානදුර ක්‍රීඩා සමාජය සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය පානදුර ක්‍රීඩකයෝ ඕවර 34.2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. සෙනිත හැඹගේ (නොදැවී 44) සහ විමත් දින්සර (නොදැවී 35) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 94 කදී ලකුණු 85 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
 
එහිදී පන්දු 47 කට මුහුණදුන් සෙනිත, හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 50 කදී වාර්තා වූ විමත්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහරකින් සමන්විත විය. කාංචන ද ලිවේරා පන්දු 53 කින් ලකුණු 40 ක් රැස්කිරීමට සමත් වූයේ හතරේ පහර 3 ක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් මේරියන්ස් කණ්ඩායමට සෙනිත හැළඹගේ සහ නිමේෂ් විමුක්ති ප්‍රමුඛ පානදුර පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම් හමුවේ ඕවර 40.2 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 172 ක් පමණි. එහිදී සෙනිත ලකුණු 32 කට කඩුලු 4 ක් දවාගත් අතර නිමේෂ් ලකුණු 38 කට කඩුලු 3 ක් බිඳහෙළීය. 


හලාවත මේරියන්ස් පිල - ඕවර 40.2 කදී සියලු දෙනා දැවී 172 
(තනුක දාබරේ 42, රවිඤු රත්නායක 37, හර්ෂ කුරේ 29, සෙනිත හැළඹගේ 32/4, නිමේෂ් විමුක්ති 38/3, මොහොමඩ් ඩිල්ෂාඩ් 19/2) 

පානදුර පිල - ඕවර 34.2 කදී කඩුලු 3 ක් දැවී 176 
(ඕෂද ප්‍රනාන්දු 35, කාංචන ද ලිවේරා 40, විමත් දින්සර නොදැවී 35, සෙනිත හැළඹගේ නොදැවී 44) 


අදහස් (0)

සෙනිතගේ දස්කම් පානදුරට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.