Last Update  :  2025-07-01 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සී.සී.සී. පිල කඩුලු 2 කින් ජය ලබයි
අන්තර් සමාජ ක්‍රිකට්

සී.සී.සී. පිල කඩුලු 2 කින් ජය ලබයි

editorial - 2025 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (1 වැනිදා) කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී බී.ආර්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට සී.සී.සී. ක්‍රීඩා සමාජය සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 134 ක ඉලක්කයක් හඹාගිය සී.සී.සී. ක්‍රීඩකයෝ ඕවර 33.2 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී ඉනුක කරන්නාගොඩ සහ චමිඳු විජේසිංහ ලකුණු 30 බැගින් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය කරා ගෙන ගියහ. පන්දු 61 කදී වාර්තා වූ ඉනුකගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 2 කින්ද, පන්දු 49 කදී වාර්තා වූ චමිඳුගේ ඉනිම හතරේ පහර 4 කින්ද සමන්විත විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් බී.ආර්.සී. කණ්ඩායමට චතුරංග ද සිල්වා ප්‍රමුඛ සී.සී.සී. පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 29.4 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 133 ක් පමණි. එහිදී චතුරංග ලකුණු 31 කඩුලු 3 ක් දවාගත් අතර චමිඳු විජේසිංහ ලකුණු 20 කට කඩුලු 2 ක් බිඳහෙළීය.  


බී.ආර්.සී පිල - ඕවර 29.4 කදී සියලු දෙනා දැවී 133 
(රවිජ සඳරුවන් 18, මොවින් සුබසිංහ 44, දිනුර අබේවික්‍රම 22, චතුරංග ද සිල්වා 31/3, චමිඳු විජේසිංහ 20/2) 

සී.සී.සී. පිල - ඕවර 33.2 කදී කඩුලු 8 ක් දැවී 139 
(සහන් කෝසල 20, ඉනුක කරන්නාගොඩ 30, චමිඳු විජේසිංහ 30, මර්වින් අභිනාෂ් 37/4, මොවින් සුබසිංහ 19/2, චමීර දිසානායක 49/2) 


අදහස් (0)

සී.සී.සී. පිල කඩුලු 2 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.