පිළියන්දල මැදි විදුහල සහ හොරණ තක්ෂිලා විදුහල අතර පැවැත්වෙන රයිගම් කෝරලේ සල්පිටි හටනට සමගාමීව මොරටුව සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති වාර්ෂික සීමිත ඕවර තරගයෙන් ලකුණු 53 ක ජයක් අත්කර ගැනීමට පිළියන්දල මැදි විදුහල සමත් විය.
එහිදී පිළියන්දල මැදි විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට හේෂාන් මධුෂංක (68) සහ කුෂාන් තේනුවර (64) සමත් වූ අතර මල්ෂාන් ගුණතිලක ලකුණු 33 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
පිළියන්දල මැදි විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 254
(හේෂාන් මධුෂංක 68, කුෂාන් තේනුවර 64, සඳුන් රංග 37/2, නවිඳු මධුෂාන් 54/2)
හොරණ තක්ෂිලා විදුහල - ඕවර 42.2 කදී සියලු දෙනා දැවී 201
(නවිඳු මධුෂාන් 49, මල්ෂාන් ගුණතිලක 33/3, හේෂාන් මධුෂංක 50/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.