Last Update  :  2025-08-07 18:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සීක්කු - තිසර පාකිස්තානු සුපිරි ලීගයට

සීක්කු - තිසර පාකිස්තානු සුපිරි ලීගයට

editorial - 2021 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරසයේ ගොදුරු බවට ක්‍රීඩකයන් 7 දෙනෙකු පත්වීමත් සමගින් අතරමග නවතා දැමුණු 6 වැනි පාකිස්තානු සුපර් ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකු තෝරාගෙන තිබේ. ඒ අනුව සීක්කුගේ ප්‍රසන්න ලාහෝර් කොලැන්ඩර්ස් කණ්ඩායමටද, තිසර පෙරේරා කරච්චි කිංග්ස් කණ්ඩායමටද තෝරා ගෙන තිබේ.

පාකිස්තානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ආරම්භ කිරීමට පෙර තරගාවලියෙන් ඉවත්වූ ක්‍රීඩකයින් වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයන් ආදේශ කිරීම සඳහා ක්‍රීඩක වෙන්දේසියක් ඊයේ (27 වැනිදා) පැවැති අතර එහිදී සීකුගේ සහ තිසර පෙරේරා දෙදෙනා තෝරාගෙන ඇත. ජෝ ඩෙන්ලි වෙනුවට සීක්කුගේ ප්‍රසන්න ලාහෝර් කණ්ඩායමට තෝරා ගෙන ඇති අතර මොහොමඩ් නබී වෙනුවට තිසර පෙරේරා කරච්චි කණ්ඩායමට තෝරා ගෙන ඇත.

පසුගිය මාර්තු 4 වැනිදා තරගාවලිය කල්දමන විට තරග 14 ක් පමණක් පවත්වා තිබූ අතර අවසන් මහ තරගයත් සමගින් පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේ තවත් තරග 20 ක් පැවැත්වීමට නියමිතව ඇත. කල්දමන ලද තරගාවලියේ ඉතිරි තරග ලබන ජූනි 2 වැනිදා ආරම්භ කෙරේ.

ඉතිරි සියලුම තරග කරච්චි හී දී පැවැත්වීමට නියමිතය. අවසන් මහ තරගය ජූනි 20 වැනිදා පැවැත්වේ.

තරගාවලිය ආරම්භයේදී එක්වූ විදෙස් ක්‍රීඩකයන් විවිධ හේතූන් මත නැවත තරගාවලියට එක්වීමෙන් වැලකී සිටින බැවින් ඒ වෙනුවට ක්‍රීඩකයන් 19 දෙනෙකු ආදේශ කිරීම සඳහා මෙම ක්‍රීඩක වෙන්දේසිය පැවැත්විණ. ඒ සඳහා විදෙස් ක්‍රීඩකයෝ 134 දෙනෙක් ඉදිරිපත්ව සිටියහ.

එංගලන්ත ක්‍රීඩකයින් දේශීය තරගාවලි සදහා එක්වන බැවින් පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේ ඉදිරි තරග සදහා ක්‍රීඩා නොකරති. ඇතැම් ක්‍රීඩකයින් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවශ්‍ය බැවින් තරගාවලියට එක් නොවන බව ද සඳහන් වේ.

ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 24 ක්, ඔස්ටේ්‍රලියාවෙන් 10 ක්, නවසීලන්තයෙන් 12 ක්, දකුණු අප්‍රිකාවෙන් 18 ක්, බංග්ලාදේශයෙන් 7 ක්, බටහිර ඉන්දීය කොදෙව් 25 ක්, සිම්බාබ්වේ 6 ක්, ඇෆ්ඝනිස්තානයෙන් 16 ක්, අයර්ලන්තයෙන් 5 ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් 5 ක්, ස්කොට්ලන්තයෙන් 4 ක්, නේපාලයෙන් සහ ඕමානයෙන් එක් ක්‍රීඩකයෙකු බැගින් ද කැමැත්ත දී තිබිණ.


- 2079

 


අදහස් (0)

සීක්කු - තිසර පාකිස්තානු සුපිරි ලීගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.