Last Update  :  2025-08-01 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සෑම් කරන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

සෑම් කරන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

editorial - 2021 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් එංගලන්තයේ තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන්ට අයි.පී,එල්. තරගාවලියේ ඉතිරි තරග මෙන්ම විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියද අහිමි වන බව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරයි.

චෙන්නායි සුපර් කිංග්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කරන සෑම් කරන්, පසුගිය සෙනසුරාදා රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් පසුව පිටකොන්දේ යම් අපහසුතාවකට පත්වී තිබේ. ස්කෑන් පරීක්‍ෂණයකින් පසුව වැඩිදුර පරීක්‍ෂණ සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සෑම් කරන්ව එංගලන්තයට යැවීමට චෙන්නායි කණ්ඩායම් කළමණාකාරීත්වය තීරණය කර තිබේ.

එංගලන්තයේ සරේ ප්‍රාන්තය නියෝජනය කරන වමත් පිතිකරුවා, ඉදිරියේදී එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ වෛද්‍ය කණ්ඩායමේ උපදෙස් අනුව කටයුතු කරනු ඇත. එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන ටොම් කරන් මෙන්ම සෑම් කරන් කලකට ඉහතදී සිම්බාබ්වේ පිල වෙනුවෙන් ක්‍රීඩා කළ කෙවින් කරන්ගේ පුතුන් දෙදෙනාය.

සෑම් කරන්ගෙන් හිස්වන ස්ථානය සඳහා සරේ ප්‍රාන්තයේම ක්‍රීඩකයකු වන රීස් ටොප්ලි අතිරේක ක්‍රීඩකයන්ගේ ලයිස්තුවට ඇතුළත් කර තිබේ. නියමිත කාලයේදී ඔහු එංගලන්ත පිලට එක්වනු ඇත. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම අයි.පී,එල්. තරගාවලියට සහභාගි වෙමින් සිටිති. එංගලන්ත ලෝක කුෂලාන කණ්ඩායමේ සෙසු පිරිස මේ වනවිටත් ඕමානයේ මස්කට් නගරයේ පිහිටි සිය කඳවුර වෙත පැමිණ සිටී. 

ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය මේ මස 23 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙයි.

 

- 213

 


අදහස් (0)

සෑම් කරන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.