තුල්හිරිය රේන්බෝ ක්‍රීඩා සමාජය සංවිධානය කරන විවෘත සය සමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මේ මස 11, 12 දෙදින තුල්හිරිය එම්.ඒ.එස්. ෆැබ්රික් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ජාතික තරුණ සේවා සභාවේ සබරගමු පළාත් සැහැල්ලු ක්‍රිකට් සංගමයේ අවසරලත් විනිසුරුවන් පමණක් විනිශ්චය කරනු ලබන මෙම ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට මුදලින් රුපියල් 50000 ක්ද අනුශූරතාව හිමි කරගන්නා කණ්ඩායමට මුදලින් රුපියල් 25000 ක්ද පිරිනැමේ. තරගාවලියේ හොඳම පිතිකරු හා පන්දු යවන්නා සඳහාද ත්‍යාග පිරිනැමේ.
තරගාවලිය සඳහා වැඩි විස්තර (0712671038) ලසන්ත, (071-1112328) අසංක, (071-1452074) දිලීප් යන මහත්වරුන් අමතා ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.