Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එළඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද 15 දෙනෙකුගෙන් යුත් එංගලන්ත සංචිතයට උපනායක බෙන් ස්ටෝක්ස්, ටෙස්ට් නායක ජෝ රූට් සහ වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් ඇතුළත්ව නැත. එංගලන්තයට සිදුවන විශාලතම පාඩුව නම් ක්‍රිකට් ක්‍රීඩාවෙන් දින නියමයක් නොමැතිව විවේක ගැනීම සහ ඔහුගේ මානසික යහපැවැත්මට මුල් තැන දෙන තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් නොමැති වීමය.
ටෙස්ට් නායක ජෝ රූට් ටෙස්ට් තරගාවලි සඳහා පමණක් අවධානය යොමුකරවීම සඳහා සංචිතයට නම් කර නොමැති අතර වැලමිටේ ආබාධයක් හේතුවෙන් වසරේ ඉතිරි කාලය පුරාම ජොෆ්රා ආචර්ට පැත්තකට වී සිටීමට සිදුවනු ඇත.
15 දෙනෙකුගෙන් යුත් එංගලන්ත සංචිතයට ටයිමල් මිල්ස් ඇතුළත් කිරීමට එංගලන්ත ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා කටයුතු කර තිබේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව 2018 වසරේ ලෝඩ්ස් පිටියේදී පැවැති ලෝක XI කණ්ඩායම නියෝජනය කරමින් ටයිමල් මිල්ස් අවසන් වරට ජාත්‍යන්තර තරගයකට එක්වී ඇත.
“ටයිමල් මිල්ස් සංචිතයට ඇතුළත් වීමට සුදුසු බවත් පසුගිය වසර කිහිපය තුළ ඔහු එය පෙන්නුම් කර ඇති බවත් විශේෂයෙන් මෙම ගිම්හානයේදී ඔහුට මෙම මට්ටමින් සාර්ථක වීමට සියළුම කුසලතා තියෙනවා” යැයි සිල්වර්වුඩ් මහතා පැවසීය. වසර 5 කටත් වඩා වැඩි කාලයකට පසු නැවත විස්සයි20 ක්‍රිකට් පිටියට පිවිසීමෙන් පසු ක්‍රිස් වෝක්ස් සංචිතයට ඇතුළත් කර ඇත.
රෂීඩ් ඛාන් සහ මොයින් අලි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දඟ පන්දු යැවීමට හිතකර තත්ත්වයන් යටතේ උපරිම ප්‍රයෝජන ගැනීමට බලාපොරොත්තු වන අතර තුන් ඉරියව් ක්‍රීඩක ලයාම් ලිවිංග්ස්ටන් ඔවුන්ට සහාය ලබා දෙනු ඇත. ක්‍රිස් ජෝර්ඩ්න් සහ මාර්ක් වුඩ් සමඟින් සෑම් කරන් සහ ඬේවිඞ් විලී එක්ව වේග පන්දු බලඇණිය ශක්තිමත් කරනු ඇත.
2016 දී පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් මහ තරගයට ක්‍රීඩා කළ එංගලන්තය 2021 තරගාවලියේදී වඩා හොඳින් ඉදිරියට යාමට බලාපොරොත්තු වෙන් සිටී.
එක්දින ක්‍රිකට් ලෝක කුසලානය මේ වන විටත් එංගලන්තයේ කුසලාන රාක්කයට ඇතුළත් කර ඇති හෙයින්, විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්හී පෙරමුණේ පසුවන ඔවුන් මේ වසරේදී තවත් කුසලානයක් ඔවුන්ගේ කුසලාන රාක්කයට එක්කර ගැනීමට බලාපොරොත්තු වේ.
එංගලන්ත සංචිතය:
ඔයින් මෝගන් (නායක), මොයින් අලි, ජොනතන් බෙයාර්ස්ටෝ, සෑම් බිලින්ග්ස්, ජෝස් බට්ලර්, සෑම් කරන්, ක්‍රිස් ජෝර්ඞ්න්, ලයම් ලිවිංග්ස්ටන්, ඬේවිඞ් මලාන්, ටයිමල් මිල්ස්, අදිල් රෂිඞ්, ජේසන් රෝයි, ඬේවිඞ් විලී, ක්‍රිස් වෝක්ස් සහ මාර්ක් වුඩ්
අතිරේක ක්‍රීඩකයෝ
ටොම් කරන්, ලයාම් ඩෝසන් සහ ජේම්ස් වින්ස්
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.