Last Update  :  2025-08-14 18:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සර්ෆ්‍රාස් වෙනුවට අසාන් අලී

සර්ෆ්‍රාස් වෙනුවට අසාන් අලී

editorial - 2020 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එළඹෙන නවසීලන්ත තරග සංචාරය හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ පාකිස්තාන හිටපු නායක සර්ෆ්‍රාස් අහ්මඞ් වෙනුවට පාකිස්තාන පිතිකරුවෙකු වන අසාන් අලී ගාල්ල ග්ලැඩියේටර්ස් සංචිතයට නම් කර ඇත.

පාකිස්තානය වෙනුවෙන් විස්සයි20 ජාත්‍යන්තර තරග දෙකකට ද ක්‍රීඩා කර ඇති අසාන් අලී පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී ක්වේටා ග්ලැඩියේටර්ස් පිල නියෝජනය කළේය. ක්වේටා ග්ලැඩියේටර්ස් පිලේ හිමිකරු ලෙස කටයුතු කරන නදීම් ඕමාර් මහතා ගාල්ල ග්ලැඩියේටර්ස් පිලේද හිමිකරු ලෙස කටයුතු කරන්නේය.

නවසීලන්ත තරග සංචාරය හේතුවෙන් කොළඹ කිංග්ස් පිලෙන් ඉවත්වූ මොහොමඞ් හෆීස් වෙනුවට එංගලන්ත ක්‍රීඩක ලෝරී එවන්ස් සංචිතයට එක්කරගෙන ඇති අතර මහනුවර ටස්කර්ස් පිලෙන් ඉවත්වූ වහබ් රියාස් වෙනුවට තවමත් ක්‍රීඩකයකු නම්කර නැත.


- 2079


අදහස් (0)

සර්ෆ්‍රාස් වෙනුවට අසාන් අලී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.