‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2017) තෙවැනි සතිය නිමාවන විට ඡන්ද 620 ක් ලබා ගනිමින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණට රැකගැනීමට කොළඹ ශාන්ත පීතර විදුහලේ සන්තුෂ් ගුණතිලක සමත්ව සිටියි. ඡන්ද 460 ක් ලබාගනිමින් දෙවැනි සතියේදී ඡන්ද සටහනේ පෙරමුණට පැමිණි සන්තුෂ්, ගෙවී ගිය සතිය තුළදී ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 160 කි.
තෙවැනි සතියේදී ඡන්ද සටහනට අලුතින් එක් වූ මරදාන සහිරා විදුහලේ මොහොමඞ් නජත්, ඡන්ද 492 ක් ලබා සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර ඔහු සන්තුෂ්ට වඩා ඡන්ද 128 ක් පසුපසින් සිටියි.
ගෙවී ගිය සතිය තුළදී ඡන්ද 357 ක් ලබාගත් ශාන්ත පීතර විදුහලේ ලක්ෂිණ රොද්‍රිගූ එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවන අතර මේ වන විට ඔහු ලබා සිටින මුලු ඡන්ද සංඛ්‍යාව 453 කි. ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලේ නවිඳු නිර්මාල් එම කාණ්ඩයේ සිව්වැනි ස්ථානයේ රැදී සිටින අතර ගෙවී ගිය සතියේදී ලබාගත් ඡන්ද 109 ත් සමගින් මුලු ඡන්ද 249 ක් ලබාගැනීමට ඔහු සමත්ව සිටියි.
මීගමුව මාරිස්ටෙලා විදුහලේ ලසිත් කෘස්පුල්ලේ සහ කොළඹ ආනන්ද විදුහලේ සම්මු අශාන් පිළිවෙලන් ඡන්ද 65 ක් සහ 55 ක් බැගින් ලබා සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පස්වැනි සහ හයවැනි ස්ථාන හිමිකරගෙන සිටිති.
පානදුර ශ්‍රී සුමංගල විදුහලේ පුලිත යසස් ඡන්ද 78 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණට පැමිණ සිටින අතර අතර රත්ගම දේවපතිරාජ විදුහලේ රවීන් යසස් ඡන්ද 22 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි. අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ ක්‍රීඩකයන් අතුරින් දෙවැනි සතිය නිමා වන විට ඡන්ද ලබාගැනීමට සමත් වී ඇත්තේ ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් (ඡන්ද 7) පමණි.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’, ‘අද’, ‘ඬේලි මිරර්’ සහ ‘ඬේලි එෆ්.ටී.’ යන දිනපතා පුවත්පත් වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සති අන්ත පුවත්පතේද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන ජූලි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. අන්තර් ජාලය ඔස්සේ මනාප පළකරන්නන්ට www.dialog.lk/cricket වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව උදා කරගත හැකිය.
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ
1 හර්ෂණී පීරිස්, ‘නිසල’, 123 බී, පේරලන්ද, රාගම
2 රොබට් ප්‍රනාන්දු, 47, චකින්දරාම පාර, රත්මලාන
3 රොසෑන් අමත්, 40/41, කටුවාවෙල පාර, මහරගම
4 එෆ්. නානායක්කාර, 395, මඩවල පාර, කටුගස්තොට
| සමස්ථ ලංකා පාසල් කාණ්ඩය | ||
| ක්‍රීඩකයා | පාසල | ඡන්ද |
| සන්තුෂ් ගුණතිලක | බම්බලපිටිය ශාන්ත පීතර විදුහල | 620 |
| මොහොමඞ් නජත් | මරදාන සහිරා විදුහල | 492 |
| ලක්ෂිණ රොද්‍රිගූ | බම්බලපිටිය ශාන්ත පීතර විදුහල | 453 |
| නවිඳු නිර්මාල් | ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල | 249 |
| සම්මු අශාන් | කොළඹ ආනන්ද විදුහල | 65 |
| ලසිත් කෘස්පුල්ලේ | මීගමුව මාරිස්ටෙලා විදුහල | 55 |
| දිනිත් බස්නායක | කොටහේන ශාන්ත බෙනඩික් විදුහල | 31 |
| තිළිණ පෙරේරා | කොළඹ වෙස්ලි විදුහල | 23 |
| දිනෙත් මඳුරවෙල | මරදාන ශාන්ත ජෝෂප් විදුහල | 22 |
| සහන් සුරවීර | කොළඹ ආනන්ද විදුහල | 18 |
| ශාලිත ප්‍රනාන්දු | වත්තල ශාන්ත අන්තෝනි විදුහල | 17 |
| නවීන් ගුණවර්ධන | කොළඹ තර්ස්ටන් විදුහල | 17 |
| පැතුම් නිස්සංක | කොළඹ ඉසිපතන විදුහල | 13 |
| ශනොගීත් ෂන්මුගනාදන් | මහනුවර ත්‍රිත්ව විදුහල | 11 |
| අවිෂ්ක පෙරේරා | කොළඹ නාලන්දා විදුහල | 11 |
| චරණ නානායක්කාර | කොළඹ තර්ස්ටන් විදුහල | 11 |
| මොහොමඞ් රිෆාස් | ජනාධිපති විදුහල | 10 |
| තිළිණ නිමේෂ් | මොරටුව වේල්ස් කුමර විදුහල | 7 |
| කවිඳු ගිම්හාන් | කොළඹ ආනන්ද විදුහල | 7 |
| පසිඳු සූරියබණ්ඩාර | කොළඹ රාජකීය විදුහල | 5 |
| අවිෂ්ක ප්‍රනාන්දු | මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල | 3 |
| නැගී එන පාසල් කාණ්ඩය | ||
| ක්‍රීඩකයා | පාසල | ඡන්ද |
| පුලිත යසස් | පානදුර ශ්‍රී සුමංගල විදුහල | 78 |
| රවීන් යසස් | රත්ගම දේවපතිරාජ විදුහල | 22 |
| හිරුෂ මෙන්ඩිස් | බලපිටිය ශ්‍රී සිද්ධාර්ථ විදුහල | 5 |
| තිසර දිල්ෂාන් | පොළොන්නරුව ජාතික පාසල | 3 |
| අන්තර් ජාතික පාසල් කාණ්ඩය | ||
| ක්‍රීඩකයා | පාසල | ඡන්ද |
| ශිම්රාස් ශාහිල් | ඇලීතියා ජාත්‍යන්තර පාසල | 7 |
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.