ශී‍්‍ර ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු වන සජීව ද සිල්වා විසින් මෙහෙයවනු ලබන සජීව ද සිල්වා කි‍්‍රකට් පාසල හෙට (01 වැනිදා) රත්මලාන දහම් මාවතේදී විවෘත කෙරේ.
ශී‍්‍ර ලංකාවේ හිටපු ප‍්‍රවීනතම පළමු පෙළ කී‍්‍රඩකයන් මෙන්ම ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ හිටපු සාමාජිකයන්ද වන මනෝජ් මෙන්ඩිස්, රොහාන් සොයිසා, චන්දන මහේෂ්, සංජීව සිල්වා, නිලන්ත බෝපගේ සහ නිශාන්ත ප‍්‍රනාන්දු මෙම පුහුණු පාසලේ පුහුණුවීම් බාරව කටයුතු කරති.
කි‍්‍රකට් පුහුණු තීරු 5 කින් සමන්විත මෙම කි‍්‍රකට් පුහුණු පාසල පන්දු යැවීමේ යන්ත‍්‍ර වලින්, වීඩියෝ විශ්ලේෂණ පහසුකම් වලින් මෙන්ම රාති‍්‍රයේදී පුහුණුවීම් කළ හැකි විදුලි ආලෝක පද්ධතියකින්ද යුක්තය. පෙරවරු 8.00 සිට කණ්ඩායම් වශයෙන් මෙන්ම කී‍්‍රඩකයන්ගේ අවශ්‍යතා මත පෞද්ගලික මට්ටමේ පන්තිද පැවැත්වේ.
වේග පන්දු යවන්නන් සඳහාම වන විශේෂ පාඨමාලාවක්ද මෙම කි‍්‍රකට් පාසලේ පැවැත්වේ.
මෙම කි‍්‍රකට් පාසල විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නිමල් ගුරුසිංහ සහෝදරතුමන් සහභාගි වේ. මොරටුව නගරාධිපති සමන්ලාල් ප‍්‍රනාන්දු මහතාත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු කී‍්‍රඩකයන් වන හෂාන් තිලකරත්න, චමින්ද වාස්, මාවන් අතපත්තු, උපුල් චන්දන, ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ යන මහත්වරුද විශේෂ ආරාධිතයන් වශයෙන් මෙම අවස්ථාවට සහභගි වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.