Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සකිබ් යළිත් බංග්ලාදේශ සංචිතයට

සකිබ් යළිත් බංග්ලාදේශ සංචිතයට

editorial - 2022 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සකීබ් අල් හසන්, ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා නම් කළ 16 දෙනෙකුගෙන් සමන්විත බංග්ලාදේශ සංචිතයට කැඳවා ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මොමිනුල් හක් වෙත හිමිව තිබේ.

පෞද්ගලික හේතූන් මත, සකිබ් දකුණු අප්‍රිකාවට එරෙහිව මාර්තු මාසයේ පැවැති ටෙස්ට් තරගාවලිය සඳහා එක් නොවූයේය. අවසන් වරට මව්බිමේදී පාකිස්තානයට එරෙහිව පැවැති පැවැති ටෙස්ට් තරගාවලියට ක්‍රීඩාකළ සකීබ්ට නවසීලන්ත සහ දකුණු අප්‍රිකානු තරගාවලි දෙකම මඟහැරී ගියේය.

ශද්මන් ඉස්ලාම් සහ අබු ජයේද්ට සංචිතයේ තැනක් හිමිව නොමැති අතර උරහිසේ ආබාධයකට ලක්ව සිටි ටස්කින් අහමඩ් තවමත් සුවය ලබමින් සිටියි. වළලුකර ආබාධයක් හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා නොකළ වමතින් වේගපන්දු යවන ක්‍රීඩක ෂොරිෆුල් ඉස්ලාම් ශාරීරක යෝග්‍යතා පරීක්‍ෂණය සමත්වීමේ කොන්දේසියට යටත්ව සංචිතයට ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත්, කණ්ඩායම තුළ තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට සිදුවූ ආබාධ පිළිබඳ සැලකිලිමත් වීමට සිදුව ඇත. ඒ අතර මුෂ්ෆිකුර් රහීම් සහ මෙහිදි හසන් මිරාස් ඩකා ප්‍රිමියර් ලීග් තරඟයේදී තුවාල ලබා ඇති නමුත් ඔවුන්ගේ තුවාල බරපතල නොවන බව ප්‍රධාන තේරීම් කමිටු නිලධාරී මින්හාජුල් අබෙයිදීන් මහතා පවසයි.

“මුෂ්ෆිකර් සහ මෙහිදි ගේ තුවාල බරපතල ඒවා නෙවේ. ඔවුන් ටෙස්ට් කණ්ඩායමේ ඉන්නවා” යයි අබෙයිදීන් මහතා පැවසීය.

“ෂොරිෆුල් හොඳ ශාරීරික යෝග්‍යතාවයෙන් පසු වෙනවා නම්, දකුණු අප්‍රිකාවට එරෙහි පැවැති තරඟාවලියේදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ ඛාලීඩ් අහ්මඩ් සමඟ නව පන්දුවෙන් පන්දු යැවීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා” යයිද ප්‍රධාන තේරීම් කමිටු නිලධාරීයා පැවසීය.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක් වන මෙම තරගාවලිය සඳහා මැයි 8 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය වෙත යෑමට නියමිතය.

මැයි 10 සහ 11 දිනයන්හිදී දෙදින පුහුණු තරගයක් පැවැත්වේ. පළමු ටෙස්ට් තරගය මැයි 15 වැනිදා ආරම්භ වන අතර චිතගොන්හිදී ආරම්භ වන අතර දෙවන ටෙස්ට් තරගය මැයි 23 සිට ඩකා හිදී පැවැත්වේ.


පළමු ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශ සංචිතය:
මොමිනුල් හක් (නායක), ටමීම් ඉක්බාල්, මහමුදුල් හසන් ජෝයි, නජ්මුල් හොසේන් ෂැන්ටෝ, මුෂ්ෆිකර් රහීම්, සකීබ් අල් හසන්, ලිටන් දාස්, යසීර් අලි, තයිජුල් ඉස්ලාම්, මෙහිදි හසන් මිරාස්, එබාදත් හොසේන්, ඛලීඩ් අහ්මඩ්, නුරුල් හසන්, රෙජවූර් රහ්මන් රාජා, ශොහිදුල් ඉස්ලාම් සහ ෂොරිෆුල් ඉස්ලාම් (ශාරීරක යෝග්‍යතා පරීක්‍ෂණය සමත්වන්නේ නම්)

- 2079


අදහස් (0)

සකිබ් යළිත් බංග්ලාදේශ සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.