Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල කඩුලූ 6 ට 61 යි

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල කඩුලූ 6 ට 61 යි

editorial - 2021 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානූ ‘ඒ’ වේගපන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා ‘ඒ’කණ්ඩායම මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) ආරම්භ වූ නිල නොවන ටෙස්ට් තරගයේ (සිව්දින) පළමු දිනය වර්ෂාව හේතුවෙන් අවසන් කරන විට ලකුණු 61 කට කඩුලූ 6 ක් අහිමිකර ගෙන සිටියේය.

දිවා ආහාරය වනතෙක් තරගය කාළගුණය හොදින් පැවැතුනද වර්ෂාව හේතුවෙන් දිවා ආහාරයෙන් පසුව නැවත අද දිනයේදී තරගය ආරම්භ කිරීමට නොහැකි විය.

 ඕවර 13 ක් අවසන් වනතෙක් කඩුල්ලක් ලබානොදුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 36 ක් ලබාගෙන තිබූ අතර 14 වැනි  ඕවරයේ පළමු පන්දුවෙන් කඩුලූ වැටීම ඇරඹුණි. දිවා ආහාරයට පෙර යවන ලද  ඕවර 3 තුලදී කඩුලූ 3 ක් දවාගැනීමට පාකිස්තානු වේගපන්දු යවන්නෝ සමත්වූහ.

ලකුණු 20 ක් ලබාගනිමින් පන්දුවට පහරදෙමින් සිටි ආරම්භක පිතිකරු කමිල් මිෂාර දිවා ආහාරයට පෙර යවන ලද අවසන් පන්දුවේදී දැවී ගියේය. අනෙක් ආරම්භක පිතිකරුවා වූ ළහිරු උදාර ලකුණු 23 ක් ලබාගත් අතර  ඕෂධ ප‍්‍රනාන්දු ලකුණු 12 කට දැවී ගියේය.

සධීර සමරවික‍්‍රම සහ නුවනිඳු ප‍්‍රනාන්දු ලකුණ බැගින් ලබාසිටියදි පිටියෙන් ඉවත් කිරීමට පාකිස්තානු වේගපන්දු යවන්නෝ සමත්වූ අතර ලසිත් අබේරත්න ලකුණු 3 කට දැවී ගියේය.

නසීම් ෂා කඩුලූ 3 ක් ද, කුරාම් ශසාඞ් කඩුලූ 2 ක් සහ ඉර්ෆනුල්ල ෂා කඩුල්ලක් දවාගනිමින් ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ මෙල්ල කිරීමට සමත්වූහ.

-2079


අදහස් (0)

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල කඩුලූ 6 ට 61 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.