මතුගම ශාන්ත මේරි විදුහල සහ කුලියාපිටිය මැදි විදුහල අතර මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 57 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත මේරි විදුහල සමත් විය.
ජයග්‍රහණයේ නියමුවා බවට පත් වූ ශාන්ත මේරි විදුහලේ ශානුක උදයංග දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 139 ක් රැස්කළේය.
ශාන්ත මේරි විදුහල - ඕවර 49 කදී සියලු දෙනා දැවී 231
(ශානුක උදයංග 139, චමිඳු ඉමේෂ් නොදැවී 20, කසුන් ධර්මපාල 43/3, කාවින්ද චමෝද් 36/3)
කුලියාපිටිය මැදි විදුහල - ඕවර 44.2 කදී සියලු දෙනා දැවී 174
(හේෂාන් ජයසේකර 49, මාදව හේරත් 36, චතුන් රණසිංහ 32, ළහිරු දේෂාන් 38/4, කේ. ජී. උජිත් 24/3, චමිඳු ඉමේෂ් 16/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.