අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාල පිල ලකුණු 60 කට දැවී ගියේය. කටුනායකදී අද (20 වැනිදා) ආරම්භ වූ මෙම තරගයේදී ශාන්ත අන්තෝනි ඉනිමට පිළිතුරු වශයෙන් තරගය නතර කරන විට මහනාම විද්‍යාලය කඩුලූ 1 ක් දැවී ලකුණු 91 ක් ලබා සිටියේය.
කාසියේ වාසිය දිනාගත් ශාන්ත අන්තෝනි විද්‍යාලය මුලින්ම පන්දුවට පහරදීම තෝරාගත් නමුත් පිතිකරුවෝ අසාර්ථක වූහ. මහනාමය වෙනුවෙන් දුලාංජන සෙනෙවිරත්න ලකුණු 15ට කඩුලූ 5ක් දවාගත් අතර දිනුක කරුණානන්ද ලකුණු 12 ට කඩුලූ 3 ක් ලබා ගනිමින් දස්කම් දැක්වූහ.
ශාන්ත අන්තෝනී විදුහල පළමු ඉනිම ඕවර 43.5 කදී සියලූ දෙනා දැවී 60
(කනිෂ්ක උග්ගල්පාය 13, දුලාංජන සෙනෙවිරත්න 15/5, දිනුක කරුණානන්ද 12/3)
මහනාම විදුහල පළමු ඉනිම ඕවර 33 කදී කඩුලූ 1ක් දැවී 91
(සුබුද්ධි කෞෂල්‍ය නොදැවී 26, තනුල වික්‍රමසිංහ 22, ගිහාන් සංජීව නොදැවී 18)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.