(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘බී’ තලයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල සමත් විය. ඒ කොළඹ වෙස්ලි විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී කඩුලු 3 කින් වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල පරාජය කරමිනි.
ජයග්‍රහණය සඳහා ලකුණු 85 ක ඉලක්කයක් හඹා ගිය ශාන්ත බෙනඩික්ට් විදුහල් ක්‍රීඩකයෝ කඩුලු 7 ක් දැවී ඉලක්කය සපුරා ගත්හ. හිමාල් රවිහංස ලකුණු 33 කට කඩුලු 3 ක්ද, දමේෂ් මතිසාන් ලකුණු 37 කට කඩුලු 3 ක්ද දවාගත් නමුත් ඔවුන්ට ශාන්ත ජෝෂප් වාස් විදුහලේ ජයග්‍රාහී මාවත අවහිර කිරීමට නොහැකි වූහ.
මෙම තරගයේදී අමල් දෙනුවන් (52 සහ 58) සහ සවියෝ ප්‍රනාන්දු (50) ශාන්ත ජෝෂප් වාස් විදුහල වෙනුවෙන්ද, සිතුම් හසරංග (නොදැවී 67) ශාන්ත බෙනඩික්ට් විදුහල වෙනුවෙන්ද අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වූහ.
ශාන්ත ජෝෂප් වාස් විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 142
(අමල් දෙනුවන් 52, සවියෝ ප්‍රනාන්දු 50, අයේෂ් ගජනායක 42/6, විහඟ රත්නායක 29/2)
ශාන්ත බෙනඩික්ට් විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 218
(මාරියෝ ප්‍රනාන්දු 19, ටෙහාන් බිටාර් 34, මෙවන් දිසානායක 16, සිතුම් හසරංග නොදැවී 67, මානික්‍ය දේෂප්‍රිය 31, දමේෂ් මතිසාන් 64/4, හිමාල් රවිහංස 74/3)
ශාන්ත ජෝෂප් වාස් විදුහල් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 160
(අමල් දෙනුවන් 58, නේතන් ප්‍රනාන්දු 21, සවියෝ ප්‍රනාන්දු 18, විහඟ රත්නායක 32/3, ලිතික ජයසුන්දර 20/2, යොහාන් එදිරිසිංහ 26/2, මෙවන් දිසානායක 60/2)
ශාන්ත බෙනඩික්ට් විදුහල් දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 85
(මිහිල ජයවීර 19, විහඟ රත්නායක 20, සිතුම් හසරංග 16, හිමාල් රවිහංස 33/3, දමේෂ් මතිසාන් 37/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.