Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නසීම් ෂා (53/5) ඇතුළු පාකිස්තානූ ‘ඒ’ කණ්ඩායමේ වේගපන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් තරගයේ (සිව්දින) දෙවැනි දිනය වූ අද (29 වැනිදා) ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 141 කට සීමා විය.
වර්ෂාව හේතුවෙන් පළමු දිනට ඊයේ (28 වැනිදා) තරගය අවසන් කරන විට ලකුණු 61 කට කඩුලූ 6 ක් අහිමිකර ගෙන සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ඉතිරි කඩුලූ 4 තවත් ලකුණු 80 ක් තුල දැවී ගියේය.
මුළු ලකුණු සංඛ්‍යාව 88 ක් වනවිට අද දින පළමු කඩුල්ල ලෙස සුමින්ද ලක්ෂාන් (17) දැවී ගිය අතර තවත් ලකුණක් කණ්ඩායමට එකතු වීමට පෙර මොහොමඞ් ශිරාස් (7) දැවී ගියේය.
ලසිත් ඇඹුල්දෙණිය සමගින් එක්ව 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 31 ක සම්බන්ධතාවයක් පැවැත්වූ විශ්ව ප‍්‍රනාන්දු ඉන් නොනැවතී අවසන් කඩුල්ල සඳහා අසිත ප‍්‍රනාන්දු (0) සමගින් එක්ව තවත් ලකුණු 22 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය. අවසන් කඩුල්ල සඳහා එක්වූ ලකුණු 22 විශ්ව ප‍්‍රනාන්දුගේ පිත්තෙන් වාර්තා විය.
පසුපෙළ පිතිකරුවන් වූ ලසිත් ඇඹුල්දෙණිය හතරේ පහර 5 ක් සමගින් ලකුණු 22 ක් සහ විශ්ව ප‍්‍රනාන්දු හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 30 ක් රැස්කරමින් ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක වූහ.
වේගපන්දු යවන්නන් වන නසීම් ෂා ලකුණු 53 කට කඩුලූ 5 ක් ද, කුරාම් ශසාඞ් ලකුණු 25 කට කඩුලු 3 ක් සහ ඉර්ෆනුල්ල ෂා ලකුණු 40 ට කඩුලූ 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනට තරගය අවසන් කරන විට සිය පළමු ඉනිම ස`දහා පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම කඩුල්ලක් අහිමිකර ගනිමින් ලකුණු 70 ක් රැුස්කර සිටියේය. ඒ අනුව ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිමේදී රැුස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 71 ක් පසුපසින් පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම මේ වනවිට පසුවන්නේය.
සවුද් ශකීල් ලකුණු 35 ක් සහ ඔමායිර් යූසුෆ් ලකුණු 26 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
හෙට (30 වැනිදා) තරගයේ තෙවැනි දිනයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.