Last Update  :  2025-08-15 10:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා යොවුන් පිලට 10 වැනි තැන

ශ්‍රී ලංකා යොවුන් පිලට 10 වැනි තැන

editorial - 2020 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාව මෙහෙයවන 13 වැනි වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බිනෝනිහිදී අද (03) පැවැති ‘පළඟ’ ශූරතා අවසන් මහ තරගයේදී එංගලන්ත යොවුන් ක්‍රීඩකයෝ ලකුණු 152 කින් ශ්‍රී ලංකා පිල පරාජය කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකාවට මෙම පරාජයත් සමඟ පසුගිය තරගාවලියේ දිනාගත් ‘පළඟ’ ශූරතාව ද අහිමිවූ අතර ඒ අනුව මෙවර තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් 16 න් 10 වැනි ස්ථානයට ශ්‍රී ලංකාවට පත්විය.

එංගලන්ත යොවුන් පන්දු යවන්නෝ ලකුණු 280 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ඉනිම ඕවර 31 කදී ලකුණු 127 කට සීමාකිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිලේ ඉදිරිපෙළ පිතිකරුවන් සිවුදෙනකු 11 වැනි ඕවරය වන විට ලකුණු 67 කට ක්‍රීඩාගාරයේ අසුන් ගැනීමෙන් බලාපොරොත්තු සුන්විය.

රවිඳු රෂාන්ත අන්තයක් ආරක්‍ෂාකරගනිමින් පන්දුවට පහර දෙමින් සිටියදී ලකුණු 66 කට දැවී ගියේය. රවිඳුගේ පන්දු 81 ක ඉනිමට හතරේ පහර නවයක් ඇතුළත් විය.

එංගලන්ත වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ලුවිස් ගෝල්ඩ්ස්වර්ති විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 21 කට කඩුලු පහක් දවාගැනීමට සමත් විය.

ජෝයි එවිසන් අවසන් ඕවර කීපයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 45 කින් රැස්කළ ලකුණු 59 පළමු පන්දුවට පහර දුන් එංගලන්තය ලකුණු 279 ක් දක්වා ගෙන ආවේය. එවිසන්ගේ ඉනිම හතරේ පහර හතරකින් සහ හයේ පහර තුනකින් වර්ණවත් විය.
 
මෙහිදී ශ්‍රී ලංකා යොවුන් නායක නිපුන් ධනංජය පන්දු යවන්නන් යොදාගත් ආකාරය පිළිබඳව ගැටලු මතු යන අතර පළපුරුදු පන්දු යවන්නකු වන නවෝද් පරණවිතාන 45 වැනි ඕවරයේදී කැඳවීම ප්‍රමාද වැඩි යැයි හැඟේ.

එංගලන්ත යොවුන් පිලේ තෙවැනි කඩුල්ලේ සිට කඩුලු තුනක් ලකුණු 21 ක් තුළ බිඳ වැටීමෙන් ලකුණු 300 ට පහසුවෙන් ආසන්න වීමට තිබූ අවස්ථාව මඟ හැරුණි.

වමත් ආරම්භක පිතිකරු ඩෑන් මවුස්ලි අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 135 කදී හතරේ පහර නවයක් සහ හයේ පහරක් සමගින් ලකුණු 111 ක් රැස්කිරීමට සමත් විය.

ජැක් හේන්ස් පන්දු 78 කින් ලකුණු 68 ක් ලබා සිටියදී තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. හේන්ස්ගේ ඉනිමට හතරේ පහර පහක් ඇතුළත් විය.

ඩෑන් මවුස්ලි සහ ජැක් හේන්ස් තෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 142 සම්බන්ධතාවයෙන් එංගලන්ත පිල ප්‍රබල තත්ත්වයකට පත්විය.

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එංගලන්ත පළමු කඩුලු දෙක ලකුණු 57 කට දවාගැනීමට සමත් වූහ.   

ශ්‍රී ලංකා යොවුන් නායක නිපුන් ධනංජය කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීම තෝරාගත්තේය.  

- 048


අදහස් (1)

ශ්‍රී ලංකා යොවුන් පිලට 10 වැනි තැන
  • sam Tuesday, 04 February 2020 08:34 AM

    ලංකාවේ ක්‍රිකට් වලට මොනවා වුනත් මොකද වැඩ බැරි අය සහභාගි වුනානේ. අනේ ලංකාවේ ක්‍රිකට් වලටත් ගිය කලක්. විලි ලැජ්ජාවක් නැද්ද ? බැරි වැඩ කරන්න පන්දම් අල්ලලා ගත්ත තැන ඔහුටම පාරා වළල්ලක් වෙලා නේද? තවත් ක්‍රිකට් කන්නේ නැතුව ගෙදර යන්න.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.