Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවෝ අවසන් මහා තරගයට එති

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවෝ අවසන් මහා තරගයට එති

දිලිනි මල්රුක්ෂි - 2013 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් අයර්ලන්තයේදී පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහ තගරයට ශ්‍රී ලංකා පිල සුදුසුකම් ලැබීය. ඊයේ (29) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 33 කින් (ඩක්වත් ලූවිස් න්‍යායට අනුව) නෙදර්ලන්තය පරාජය කිරීමට සමත් වූහ.

අවසන් මහ තරගය හෙට (31) ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතය.    

ශ්‍රී ලංකාව මෙම ජයග‍්‍රහණයත් සමග 2014 වසරේ බංග්ලාදේශයේ පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේය.

වර්ෂාව හේතුවෙන් නෙදර්ලන්ත පිලට  ඕවර 9 කදී ලකුණු 85 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට බාර විය.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන්  ඕවර කීපයේදී වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ ඒෂානි ලොකුසූරිය පන්දු 16 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 33 ක් රැුස්කරමින් ලකුණු 155 ක් දක්වා රැගෙන ඒමට සමත් වූවාය.

ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූ දීපිකා රසාංගිකා පන්දු 50 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 47 ක් රැස් කළාය.

ශ්‍රී ලංකා කාන්තා පිල  ඕවර 19 කදී කඩුලූ 6 ට 157

(චමරි අතපත්තු 19, යශෝධා මෙන්ඩිස් 24, දීපිකා රසාංගිකා 47, ඒෂානි ලොකුසූරිය නොදැවී 33)

නෙදර්ලන්ත කාන්තා පිල  ඕවර 9 කදී කඩුලූ 4 ට 51

(හිල්මින් රන්බල්ඩො 22)


අදහස් (0)

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවෝ අවසන් මහා තරගයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.