බංග්ලාදේශයේදී පැවැතිවෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා පිල ඊයේ (20) සිල්හිට් ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි පුහුණු තරගයේදී අයර්ලන්තය ලකුණු 49 කින් පරාජය කිරීමට සමත් විය.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දීපිකා රසාංගිකා (50) සහ නායක ශෂිකලා සිරිවර්ධන (නොදැවී 50) අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.
මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය මේ මස 24 වැනිදා ඉන්දියාවට එරෙහිව සිල්හිට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ පළමු පුහුණු තරගයේදී ඕස්ටේ‍්‍රලියාව හමුවේ ලකුණු 19 කින් පරාජයට පත්වූහ.
ශ‍්‍රී ලංකා කාන්තා පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 170
(චමරි අතපත්තු 17, දීපිකා රසාංගිකා 50, හසිනි පෙරේරා 25, ශෂිකලා සිරිවර්ධන නොදැවී 50)
අයර්ලන්තය ඕවර 20 කදී කඩුලූ 9 ට 121
(සිසිලියා ජෝයි 41, මිලිස්සා ස්කොට් 22, චන්දිමා ගුණරත්න 22/2, ඉනෝකා රණවීර 11/2)
-048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.