Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කුමාර් සංගක්කාර දැවී යාමෙන් පසු තවත් කඩුලු තුනක් ලකුණු 01 කට බිම දැමූ එංගලන්ත වේග පන්දු යවන්නෝ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලීඞ්ස්හිදී අද (20 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 257 කට සීමා කළහ. තම ප්‍රාන්ත ක්‍රීඩා පිටියේදීම ලකුණු 64 කට කඩුලු 5 ක් බිඳ හෙළූ ලයාම් ප්ලන්කට් ශ්‍රී ලංකා ඉනිම විනාශ කළේය.
පළමු දිනයේ ක්‍රීඩාව නතර කරන විට එංගලන්ත පිල සිය මුල් ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකණු 36 ක් ලබා සිටියේය.
කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ විශිෂ්ට පන්දු යැවීම නිසා කුමාර් සංගක්කාර දැවී යාමෙන් පසුව ලකුණු එක ලකුණක් ලබාගන්නා අතරේ තවත් පිතිකරුවෝ තිදෙනෙක් එක පෙළට ආපසු ක්‍රීඩාගාරයට ගියහ. එහෙත් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 28 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ රංගන හේරත් (නොදැවී 14) සහ නුවන් ප්‍රදීප් (13) ශ්‍රී ලංකා පිල ලකුණු 250 සීමාවෙන් ඔබ්බට කැඳවාගෙන ගියහ.
පිට පිටම දෙවැනි ටෙස්ට් තරගයේදීත් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නැංගුරම දමාගත් කුමාර් සංගක්කාර හුදෙකළා සටනක නිරත වෙමින් ලකුණු 79 ක් ලබාගත් නමුත් වෙනත් කිසිදු පිතිකරුවකුට අර්ධ ශතකයේ සීමාව පසුකර යා නොහැකි විය.
ඉයන් බෙල්ගේ අති විශිෂ්ට පන්දු රැකීමක් හමුවේ දැවී යාමට පෙර, පන්දු 147 කට මුහුණ දුන් මෙම අලංකාර වමත් පිතිකරුවා, වේග පන්දු යවන්නන්ට පරාදීසයක් බඳ හෙඩිංග්ලි තණතීරුවෝදී ඒවායින් 13 ක්ම හතරේ සීමාවට පිටත්කර යැවීය. එහෙත් ඒ අතරවාරයේදී සංගක්කාරගේ උඩපන්දු කිහිපයක්ම එංගලන්ත පන්දු රකින්නන් අතින් ගිළිහිණ.
ඒවායින් වඩාත්ම අදහාගත නොහැකි උඩපන්දුව වූයේ සංගක්කාර ලකුණු 27 ක් ලබා සිටියදී මැතිව් ප්‍රයර් විසින් බිම දමන ලද උඩපන්දුවයි.
ලයාම් ප්ලන්කට්ගේ පන්දුවක් සංගක්කාරගේ පිත්තේ පිටත දාරය සොයා ගැනීමෙන් පසුව එංගලන්ත කඩුලු රකින්නා වෙත ඇදී ගියේය. එහෙත් උඩපන්දුව රැකගැනීමට වඩා එයින් උද්දාමයට පත්වීමට උත්සුක වූ මැතිව් ප්‍රයර්ගේ දෑත් අතරින් උඩපන්දුව බිම වැටෙන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 2 කට 100 ක් ලෙසිනි.
මෙම අර්ධ ශතකය කුමාර් සංගක්කාර විසින් පිට පිට ටෙස්ට් ඉනිම 6 කදී ලබාගත් 6 වැනි අර්ධ ශතකය වන අතර ඔහුගේ 47 වැනි ටෙස්ට් අර්ධ ශතකයද වෙයි.
එකළඟ පන්දු දෙකකදී මහේල ජයවර්ධන (22) සහ ළහිරු තිරිමාන්න (0) පිටියෙන් ඉවත් කළ ලයාම් ප්ලන්කට්, තරගයේ 38 වැනි ඕවරය නිමා වන විට ලකුණු පුවරුව කඩුලු 4 කට 109 ක් දක්වා වෙනස් කරමින් ශ්‍රී ලංකා පිල අමාරුවේ දැමීය.
ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අඩු ලකුණු වලට දවාගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වූ හෙයින් පළමු දින දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා පිල කඩුලු 2 ක් දැවී ලකුණු 74 ක් ලබා සිටියේය.
මහේල දැවී යන විට කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 30 ක් ලබා සිටි අතර ළහිරු තිරිමාන්න පිිටියට පිවිස මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේය. අනතුරුව පන්දුවට මුහුණ දුන් ඇන්ජලෝ මැතිව්ස්ට ස්ලිප් ක්‍රීඩකයන් සිවු දෙනකු යොදා ගනිමින් පන්දු යැවූ ප්ලන්කට්ගේ කඩුලු ත්‍රිත්වය අහිමි කිරීමට ශ්‍රී ලංකා නායකයා සමත් විය.
මැතිව්ස් සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53 ක් ද, චන්දිමාල් සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 67 ක් ද එක්කළ සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ට 228 ක් වන පරිදි, තරමක් සහනදායී ඉසව්වකට කැඳවාගෙන ආවේය. එහෙත් සංගක්කාරගේ දැවී යාමෙන් පසුව සියල්ලම කණපිට හැරිණ.
ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ කඩුලු ත්‍රිත්වය හේතුවෙන් ලකුණු 228 කට කඩුලු 5 ක් ව තිබූ ලකුණු පුවරුව පන්දු 9 කින් කඩුලු 9 ට 229 ක් සේ වෙනස් විය.
කාසියේ වාසිය දිනා පන්දු යැවීම තෝරාගත් එංගලන්ත නායකයා එයින් සාර්ථක ප්‍රතිඵල නෙළා ගත්තේය.
15 වැනි ඕවරය දක්වා කඩුල්ල රැකගත් කෙෳෂාල් සිල්වාගේ පිත්තේ පිටත දාරයේ යාන්තමින් වැදී ගිය පන්දුව කඩුලු රකින මැතිව් ප්‍රයර් අත පත්වීමත් සමගම විනිසුරු ස්ටීව් ඩේවිස් මහතා තම තීරණය ප්‍රකාශ කළේය. එම තීරණය නැවත විමසම්දෝ නැත්දෝ"යි සිතමින් සිටි කෙෳෂාල් අවසානයේදී ක්‍රීඩාගාරයට පියමං කරන විට ලකුණු පුවරුවේ සටහන් වී තිබූ මුළු ලකුණු සංඛ්‍යාව 37 කි.
අනතුරුව වැඩි වේලාවක් තම කඩුල්ල රැකගත නොහැකි වූ දිමුත් කරුණාරත්නගේ පා ඉන්න ලයාම් ප්ලන්කට්ගේ පන්දුවකින් ඉදිරී වීසි විය.
කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ තරමක් අඳුරු සහගත තත්ත්වයක් තිබෙව නමුත් කාසියේ වාසිය දිනාගත්තා නම් තමන් පළමුවෙන් පන්දුවටපහර දීම තෝ්රා ගන්නා බවයි.
”පළමු පැය පරෙස්සම් වෙන්න ඕනා” යයිද මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.
අද තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කඩුලූ රකින්නා වශයෙන් දිනේෂ් චන්දිමාල් කැඳවනු ලැබ ඇති අතර නුවන් කුලසේකර වෙනුවට වේග පන්දු යවන කී‍්‍රඩක ධම්මික ප‍්‍රසාද් කණ්ඩායමට එක්වී සිටී.
එංගලන්ත පිල ලෝඞ්ස් තරගයේදී කී‍්‍රඩා කළ කී‍්‍රඩකයන් 11 දෙනාම මෙම තරගයටත් කැඳවා තිබේ. මෙම තරගය එංගලන්ත පිතිකරු ඉයන් බෙල්ගේ 100 වැනි ටෙස්ට් තරගයද වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.