Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕවර 62.5 කදී 10/212
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කරච්චිහිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 263 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තානය සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජයගැනීමටද පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 476 ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 212 කට සීමා කිරීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලාබල ක්‍රීඩක නසීම් ෂා ලකුණු 31 කට කඩුලු 5 ක් දවාගනිමින් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළේය.
සිවුවැනි දිනය වූ ඊයේ (22 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 212 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිමට එකදු ලකුණක් හෝ අලුතින් එක්කර ගැනීමට පාකිස්තාන පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ.
අද දිනයේදී යැවූ පළමු පන්දුවේදීම ලසිත් ඇඹුල්දෙණිය දවාගැනීමට සමත් වූ නසීම් ෂා, ඉන් නොනැවතී විෂ්ව ප්‍රනාන්දුගේ කඩුල්ලද දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත්කළේය. ඊයේ දිනයේදී සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත් ඕෂධ ප්‍රනාන්දු දැවී ගියේ යසීර් ෂාගේ පන්දුවක් හමුවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි අසාද් ශෆීක් අතට උඩ පන්දුවක් දෙමිනි.
................................................................................................................................
පෙරවරු 10.30
පස්වැනි දිනය සඳහා තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානම්. පන්දුවට පහරදීම සඳහා ඕෂධ ප්‍රනාන්දු (නොදැවී 102) සමග ලසිත් ඇඹුල්දෙණිය (නොදැවී 0) පිටියට පිවිසෙති. පන්දු යැවීම සඳහා නෂීම් ෂා සූදානම්.
................................................................................................................................
ඕවර 60.1 කදී 7/212
දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (22 වැනිදා) තරගය නතර කරනවිට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකාව ලකුණු 212 කට කඩුලු 7 ක් දැවී දැඩි අසීරූතාවයට පත්ව ඇත. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 476 ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා පිල, පාකිස්තානයට වඩා තවත් ලකුණු 264 ක් පසුපසින් සිටින්නේය.
සිය මංගල ටෙස්ට් ශතකය (නොදැවී 102) ලබාගනිමින් ඕෂධ ප්‍රනාන්දු කඩුල්ලේ රැඳී සිටින අතර පන්දු 175 කට මුහුණදුන් ඔහුගේ ඉනිම හතරේ පහර 13 කින් අලංකාර විය.
දිනය නිමාවීමට තවත් ඕවර 3 ක් පමණ තිබියදී නසීම් ෂාගේ පන්දුවක් හමුවේ මොහොමඞ් රිස්වාන් අතට උඩපන්දුවක් දෙමින් 7 වැනි කඩුල්ල ලෙස ඩිල්රුවන් පෙරේරා ලකුණු 5 කට දැවී ගියේය.
වේගවත් ලකුණු රැස්කිරීමක් නිරතවූ නිරෝෂන් දික්වැල්ල හැරිස් සොහෙල් එවන ලද පන්දුවකට රිවර් ස්විප් පහරක් එල්ල කිරීමට යාමේදී පිත්තේ නොවැදුණු පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 65 කට දැවී ගියේය. පන්දු 76 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි දික්වැල්ලගේ ඉනිමට හතරේ පහර 11 ක් ඇතුළත් විය.
ලකුණු 97 කට කඩුලු 5 ක් දැවී තිබියදී හයවැනි කඩුල්ල සඳහා එක්වූ නිරෝෂන් දික්වැල්ල සහ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 104 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට සමත්වූහ.
................................................................................................................................
ඕවර 50 කදී 5/173
ලකුණු 97 කට කඩුලු 5 ක් දැවී තිබියදී හයවැනි කඩුල්ල සඳහා එක්වූ ඕෂධ ප්‍රනාන්දු සහ නිරෝෂන් දික්වැල්ල මේ වනවිට ලකුණු 76 ක සම්බන්ධතාවයක් පවත්වමින් කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනගමින් සිටිති. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 476 ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා පිලට තවත් ලකුණු 303 ක් අවශ්‍යව ඇත.
ඕෂධ ප්‍රනාන්දු ලකුණු 90 ක් ලබාගනිමින් සිය මංගල ශතකයට ලඟාවෙමින් සිටින අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 44 ක් ලබාගනිමින් අර්ධ ශතකයට ලඟාවෙමින් සිටින්නේය.
.................................................................................................................................
ඕවර 38 කදී 5/114
ඕවර 38 කදී ලකුණු 144 කට කඩුලු 5 ක් අහිමිකර ගෙන සිටින ශ්‍රී ලංකාවට ජයගුහණය සඳහා තවත් ලකුණු 362 ක් අවශ්‍යව ඇත. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 69 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 6 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
පිට පිට ඕවර 2 කදී කඩුලු 2 ක් අහිමිවී යාමත් සමගින් ශ්‍රී ලංකාව දැඩි අසීරූතාවයට පත්විය. පිට ඉන්නෙන් ඉවතට ඇදී ගිය පන්දුවකට පහරක් එල්ල කිරීමට යෑමේදී පිත්තේ දාරයේ වැදුණු පන්දුව කඩුල්ල වෙත පැමිණිම හේතුවෙන් ලකුණු නොලබාම පිටියෙන් ඉවත්වීමට ධනංජය ද සිල්වාට සිදුවිය.
තේ පානයෙන් පසුව යවන ලද 5 වැනි ඕවයේ පළමු පන්දුවේදී දිනේෂ් චන්දිමාල් කඩුල්ද මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් ලකුණු 2 කට දවා ගැනීමට නසීම් ෂා සමත්විය. පන්දුව පාදයේ වැදීමෙන් පසුව දැවීයාමක් ලෙස පන්දු යවන්නා ඇතුළු ක්‍රීඩකයෝ ඉල්ලීමක් කළද විනිසරු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඉන් සෑහිමකට පත්නොවූ නායක අසාර් අලී විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටි අතර පුනරූපණ නැරඹීමේදී පන්දුව කෙලින්ම කඩුල්ලේ වදින ආකාරයක් දිස්වීම හේතුවෙන් තෙවැනි විනිසුරු විසින් දිනේෂ් චන්දිමාල් දැවී ගිය බවට තීරණය කළේය.
.................................................................................................................................
ඕවර 26 කදී 3/86
සිවුවැනි දිනයේ තේ පානය සඳහා තරගය නතර කරනවිට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව ඕවර 26 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 86 රැස්කරගෙන සිටියේය. ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 390ක් ශ්‍රී ලංකා පිලට අවශ්‍යව ඇති අතර ඒ සඳහා ඔවුන්ට තවත් කඩුලු 7 ක් සහ ඕවර 127 ක් ඇත.
ඕෂධ ප්‍රනාන්දු ලකුණු 47 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 2 ක් ලබාගනිමින් ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වෙමින් කඩුල්ලේ රැදී සිටිති.
ශ්‍රී ලංකා ලකුණු පුවරුව 70 ක් වන විට තෙවැනි කඩුල්ල ලෙස ඇන්ජලෝ මැතිව්ස් දවාගැනීමට ශහීන් අෆ්රිඩි සමත්විය. මොහොමඩ් රිස්වාන් අතට උඩපන්දුවක් දෙමින් මැතිව්ස් දැවීයන විට පන්දු 33 කදී හතරේ පහරක් සමගින් ලකුණු 19 ක් රැස්කර සිටියේය.
.................................................................................................................................
ඕවර 13 කදී 2/47
ඕවර 13 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 47 රැස්කරගෙන සිටින ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 429 ක් අවශ්‍යව ඇති අතර ඒ සඳහා ඔවුන්ට ඇත්තේ තවත් කඩුලු 8 ක් පමණි.
මෙවර පාකිස්තාන තරගාවලියේදී දෙවැනි වතාවටත් ලකුණු නොලබාම දැවීයාමට කුසල් මෙන්ඩිස්ට සිදුවිය. නසීම් ෂාගේ පන්දුවක් හමුවේ ස්ලිප්හී පන්දු රකිමින් සිටි බාබර් අසාම්ට උඩපන්දුවක් දෙමින් දැවී ගිය කුසල් මෙන්ඩිස්ට පහරදීමට හැකිවූයේ පන්දු 4 කට පමණි.
මෙම වසරේ අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩාකළ මෙන්ඩිස් 2019 වසර තුලදී ටෙස්ට් තරග 8 ක ඉනිම 15 කදී රැස්කර ඇත්තේ ලකුණු 326 ක් පමණි. එහිදී අර්ධ ශතක 2 ක් වාර්තාවී ඇති අතර දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 84 ඔහු මේ වසර තුලදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 476 ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස නායක දිමුත් කරුණාරත්න ලකුණු 16 කට දැවී ගියේය. මොහොමඩ් අබ්බාස්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් අතට උඩපන්දුවක් දෙමින් දිමුත් කරුණාරත්න දැවීයන විට පන්දු 28 කට මුහුණදී සිටි අතර හතරේ පහර 2 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය.
.................................................................................................................................
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කරච්චිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ කිරීම සඳහා දිමුත් කරුණාරත්න සමගින් ඕෂධ ප්‍රනාන්දු පිටියට පිවිසෙයි. පළමු ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩි සූදානම්.
කඩුලු 3 ක් දැවී ලකුණු 555 ක් රැස් කළ පාකිස්තානුවෝ සිය දෙවැනි ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර ඒ අනුව ඔවුන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 476 ක ඉලක්කයක් හිමිවිය.
.................................................................................................................................
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.