
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) සභාපති ශෂාන්ක් මනෝහර් මහතා මේ මස 23 වැනිදා සිට 25 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට සහභාගි වීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා කළ ආරාධනයකට අනුව අයි.සී.සී. සභාපතිවරයා මෙම සංචාරයට සහභාගි වන බව වාර්තා වේ.
එහිදී ශෂාන්ක් මනෝහර් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ උසස් නිලධාරීන් රැසක් ද හමුවීමට නියමිතය.
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් විවේචන කරන ඕනෑම පුද්ගලයකුට සභාපතිවරයාට පැමිණිලි බාරදිය හැකි බව ද වැඩි දුරටත් දැනගන්නට තිබේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.