Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න්ස් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සිවුවැනි තරගයේදී ඉන්දීය පිතිකරු රෝහිත් ශර්මා ලකුණු 264 ක් රැස්කරමින් ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ ද්විත්ව ශතක දෙකක් රැස්කළ පළමු ක‍්‍රීඩකයා මෙන්ම එක්දින අන්තර්ජාතික තරගයකදී වැඩිම ලකුණු රැස්කළ ක‍්‍රීඩකයා ලෙස ලෝක වාර්තා දෙකක් පිහිටුවීමට සමත් විය.
මෙහිදී ශර්මා පන්දු 173 කදී හතරේ පහර 33 ක් සහ හයේ පහර 9 ක් සමගින් ලකුණු 264 ක් රැස්කිරීමට සමත් විය. ශර්මා පන්දු 151 කදී හතරේ පහර 25 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 200 සම්පූර්ණ කළේය.
2013 වසරේ නොවැම්බර් 2 වැනිදා මස ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව බැංගලෝර්හිදී රෝහිත් ශර්මා සිය පළමු එක්දින ද්විත්ව ශතකය ලෙස ලකුණු 209 ක් ලබාගත්තේය.
ඉන්දීය පිලේ හිටපු ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සෙවැග් 2011 වසරේ දෙසැම්බර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 219 ක් රැස්කරමින් එක්දින ඉනිමක වැඩිම ලකුණු ලබාගැනීමේ වාර්තාවට හිමිකම් කීවේය.
එක්දින අන්තර්ජාතික ක‍්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති ද්විත්ව ශතක හතරම ඉන්දීය පිතිකරුවන් විසින් ලබාගැනීම කැපී පෙනේ. විරේන්ද්‍ර සෙවැග් (219) සහ සචින් තෙන්ඩුල්කාර් (නොදැවී 200) එක්දින අන්තර්ජාතික තරගවලදී ද්විත්ව ශතක ලබාගත් සෙසු කී‍්‍රඩකයෝ වෙති.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.