ශී‍්‍ර ලංකාවේ සිටි ප්රවීනතම කි‍්‍රකට් විනිසුරුවරයකු වූ පී. ඩබ්ලිව්. විදානගමගේ මහතා ඊයේ (24 වැනිදා) එංගලන්තයේදී අභාවප්‍රාප්ත විය. මිය යන විට 79 වැනි වියේ සිටි විදානගමගේ මහතා ටෙස්ට් තරග 4 ක සහ එක්දින තරග 23 ක් විනිශ්චය කළ ප්රවීනතම විනිසුරුවරයකුද විය.
සිය ජීවිතයේ සැඳෑ සමය එංගලන්තයේදී ගතකළ විදානගමගේ මහතා මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය සහ කොළඹ ආනන්ද ශාස්ත්‍රාලය වෙනුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවේ යෙදී තිබේ.
ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර 1984 දී මහනුවර අස්ගිරිය කී‍්‍රඩාංගණයේදී පැවැති කි‍්‍රකට් තරගයෙන් ටෙස්ට් පිටියට පා තැබූ ඔහුගේ අවසන් ටෙස්ට් තරගය වූයේ 1987 දී ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර කොළඹ සී. සී, සී. පිටියේදී පැවැති ටෙස්ට් තරගයයි.
මෙම තරගයේ අවසන් දිනයේදී කොළඹ පිටකොටුවේදී සිදුවූ බෝම්බ පිපිරීමක් නිසා වසර 5 ක කාලයක් ශී‍්‍ර ලංකාවේදී ටෙස්ට් තරග නොපැවැත්විණ.
1982 දී මුල් වරට එක්දින තරගයක් විනිශ්චය කළ විදානගමගේ මහතාගේ අවසන් එක්දින තරගය වූයේ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර සාජාහිදී පැවැති තරගයකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.