නවසීලන්ත පිලේ දග පන්දුයවන්නෙකු වන කේන් විලියම්සන්ගේ පන්දුයැවීමේ ඉරියව්ව සැක සහිත බවට පැමිණිළි ලැබී ඇති බවත්, දින 21 ක් ඇතුළත ඔහු ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන පරික්ෂණයකට සහභාගී විය යුතු බවත් අන්තර් ජාතික කි‍්‍රකට් සභාව නිවේදනය කරයි.
දකුණතින් අවස්ථානුකූලව පිට දඟ පන්දු යවන වන විලියම්සන්ගේ පන්දුයැවීමේ ඉරියව්ව සැක සහිත බැවින් එය පරික්ෂණයකට ලක්කළ යුතු බවට බටහිර ඉන්දීය කොදෙව් පිල සමග ටි‍්‍රනිඩෑඞ්හිදී පැවති දෙවැනි ටෙස්ට් තරගය අතරතුරදී විනිසුරුවරුන් විසින් තරග තීරක කි‍්‍රස් බෝඞ් මහතාට පැමිණිළි කරනු ලැබ ඇත.
කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිති රීති වලට අනුව පන්දුයවන්නකුට පන්දුව මුදා හැරීමේදී තම අත වැලමිටින් අංශක 15 කට වඩා නැමිය නොහැකි අතර ඊට වඩා අංශකයක් හෝ ඔහුගේ අත නැමේ නම්, එය නීතිවිරෝධී පන්දුයැවීමක් ලෙස සැළකේ.
”ප‍්‍රශ්නය වෙන්නේ ඔහුගේ අත නැමීම අංශක 15 ඉක්මවනවාද නැද්ද යන්නයි. කොහොම වුණත් මේ කාර්යයේදී අපි සම්පූර්ණයෙන්ම ඔහුත් එක්ක ඉන්නවා” යයි නවසීලන්ත පිලේ පුහුණුකරු මයික් හෙසන් මහතා පැවසීය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.