Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වේගපන්දු යවන්නන් පුහුණුවට රුමේෂ්

වේගපන්දු යවන්නන් පුහුණුවට රුමේෂ්

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් වේග පන්දු යවන්නකු වන රුමේෂ් රත්නායක මහතා ලබන සැප්තැම්බර් මස වැඩ බාර ගැනීමට නියමිතය.

රත්නායක මහතා වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (06) තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පිලේ වර්තමාන වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු චමින්ද වාස් මහතා නැවතත් වයස 19 න් පහළ සංචිතයට අනියුක්ත කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ රුමේෂ් රත්නායක මහතා ඉන්දීය සංචාරය අවසානයේදී වැඩ බාර ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

“රත්නායක මහතා පුහුණුකරුවකු ලෙසත් දස්කම් දක්වා තිබෙනවා. එම දස්කම් පිළිබඳව අවධානය යොමු කරලයි අපි ඔහුව තෝරා ගත්තේ. වාස්ව තරුණ ක්‍රීඩකයන්ට අවශ්‍යයි, ඒ නිසා වාස් 19 න් පහළ සංචිතයට නැවත යොමු කරනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

දකුණතින් වේග පන්දු යවන්නකු වූ 53 හැවිරිදි රත්නායක මහතා මීට පෙර ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස ද කටයුතු කළේය. රත්නායක මහතා මීට පෙර ආසියානු ක්‍රිකට් සභාවේ මෙන්ම විදේශ කණ්ඩායම් කීපයක ද පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.   

අසූව දශකයේදී අග බාගයේ ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම වේග පන්දු යවන්නකු වූ රුමේෂ් රත්නායක ටෙස්ට් තරග 23 කදී කඩුලු 73 ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 70 කදී කඩුලු 76 ක් දවා ගැනීමට සමත්ව තිබේ.

 


අදහස් (0)

වේගපන්දු යවන්නන් පුහුණුවට රුමේෂ්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.