Last Update  :  2025-05-05 13:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විස්සයි20 තරග දිනකින් කල් දමයි

විස්සයි20 තරග දිනකින් කල් දමයි

editorial - 2021 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ආරාධිත විස්සයි20 තරගාවලිය ආරම්භ කරමින් අද (12 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකම වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.

ඒ අනුව අද පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙක හෙට (13 වැනිදා) දිනය දක්වා කල් දමා ඇත. නිල කාලසටහනට අනුව හෙට දිනය විවේකී දිනයකි.

අද දවස පුරා පැවැති වර්ෂාව හේතුවෙන් මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබුණි.

තරගාවලිය ආරම්භ කරමින් දසුන් ශානක නායකත්වය දරන ග්‍රේස් සහ අෂාන් ප්‍රියංජන් නායකත්වය දරන ග්‍රීන්ස් කණ්ඩායම් අතර පළමු තරගය පැවැත්වීමට නියමිතව තිබුණි. ධනංජය ද සිල්වා නායකත්වය දරන බ්ලූස් සහ දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන රෙඩ්ස් කණ්ඩායම් අතර දෙවැනි තරගය අද රාත්‍රීයේදී ආරම්භ වීමට නියමිතව තිබුණි.

ඡායාරූප අනුග්‍රහය - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


අදහස් (0)

විස්සයි20 තරග දිනකින් කල් දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.