Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නසුම් අහ්මඞ්ගේ (10/4) සහ මුස්ටෆිසූර් රහ්මන්ගේ (12/4) විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම විස්සයි20 තරගාවලිය ජය ගැනීමට බංග්ලාදේශය සමත්විය. නවසීලන්තයට එරෙහිව මීර්පූර්හිදී අද (8 වැනිදා) පැවැති සිව්වැනි විස්සයි20 තරගයෙන් කඩුලු 6 ක ජයක් හිමිකරගත් බංග්ලාදේශය 3-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 94 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය ඕවර 19.1 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියද නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ ඔවුන්ට ජයග්‍රහණය කරා යෑම එතරම් පහසු නොවූහ.
නායක මහමුදුල්ලා පන්දු 48 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 43 ක් රැස්කරමින් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
අනෙක් අන්තයේ පිතිකරුවන් එකි නෙකා දැවීයන විට තම අන්තය ආරක්ෂා කරගනිමින් පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 29 ක් ලබාගත් මොහොමඞ් නයිම් බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණයට දායක විය.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ අජාස් පතෙල් සිය ඕවර 4 ලකුණු 09 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත්තද නවසීලන්ත කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට නොහැකි විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තයට ඕවර 19.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 93 ක් පමණි. හුදකලා සටනක නිරතවූ විල් යංග් පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 46 ක් රැස්කරමින් නවසීලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට උත්සහ දැරුවද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හමුවේ අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාවිය.
වමතින් දඟපන්දු යවන ක්‍රීඩක නසුම් අහ්මඞ් සිය ඕවර 4 ලකුණු 10 කට සීමාකරමින් නිලකුණු ඕවර 2 ක් සමගින් කඩුලු 4 ක් ද, වේගපන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසූර් රහ්මන් ඕවර 3.3 කදී ලකුණු 12 කට කඩුලු 4 ක් ද දවාගනිමින් නවසීලන්ත පිතිකරුවන් තම අණසකට නතුකරු ගැනීමට සමත්වූහ
නවසීලන්තය - ඕවර 19.3 කදී සියලුදෙනා දැවී 93
(ටොම් ලේතම් 21, විල් යංග් 46, නසුම් අහ්මඞ් 10/4, මුස්ටෆිසූර් රහ්මන් 12/4)
බංග්ලාදේශය - ඕවර 19.1 කදී කඩුලු 4 ක් දැවී 96
(මොහොමඞ් නයිම් 29, මහමුදුල්ලා නොදැවී 43, අජාස් පතෙල් 09/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.