Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වරාය අධිකාරියට කඩුලූ 2ක ජයක්

වරාය අධිකාරියට කඩුලූ 2ක ජයක්

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (12 වැනිදා) පැවැති තරගයේදී හලාවත මේරියන්ස් පිල පරදවා කඩුලූ 2 කින් ජය ගැනීමට වරාය අධිකාරිය සමත්විය. තරගය මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.

වරාය අධිකාරිය කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට හලාවත මේරියන්ස් කණ්ඩායමට ආරාධනා කල අතර  ඕවර 38.3 කදී සියලූ දෙනාම දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 158 ක් පමණි.

ලකුණු 159 ක ඉලක්කයක් හඹාගිය වරාය අධිකාරිය  ඕවර 29.2 කදී කඩුලූ 8ක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. පන්දු 42 කදී හතරේ පහර 13 ක් සමගින් වේගවත් ලකුණු 58 ක් රැස් කිරීමට අශාන් ප‍්‍රියන්ජන් සමත්විය.

හලාවත මේරියන්ස්  ඕවර 38.3 කදී සියලූ දෙනාපම දැවී 158
(නිමේෂ් පෙරේරා 49, විදුර අධිකාරී නොදැවී 46, ඉසුරු උදාන 28/4)

වරාය අධිකාරිය  ඕවර 29.2 කදී කඩුලූ 8 ක් දැවී 160
(අශාන් ප‍්‍රියන්ජන් 58, ගයාන් මනීෂාන් නොදැවී 41, මහේල උඩවත්ත 38, ශශ‍්‍රීක පුස්සේගොල්ල 54/4, උපුල් ඉන්ද්‍රසිරි 16/2)


 


අදහස් (0)

වරාය අධිකාරියට කඩුලූ 2ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.