ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (09 වැනිදා) පැවති තරගයේදී ද්‍රවිඩ සංගම් පිල පරදවා කඩුලූ 3 කින් ජය ගැනීමට වරාය අධිකාරිය සමත් වූ අතර තරගය ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ද්‍රවිඩ සංගම් පිල ඕවර 50 කදී කඩුලූ 8ක් දැවී ලකුණු 232 ක් රැස්කිරීමට සමත් විය. දෙනුවන් රාජකරුණා (69) සහ පුලින තරංග (52) අර්ධ ශතක ලබා ගැනීමට සමත් වූහ.
ලකුණු 233 ක ඉලක්කයක් හඹාගිය වරාය අධිකාරි පිල ඕවර 49.4 කදී කඩුලූ 7ක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත් වූ අතර සචිත‍්‍ර සේරසිංහ (54) සහ ඉසුරු උදාන (නොදැවී 40) ලකුණු අතරට එමින් තම පිල ජයග‍්‍රහණය සදහා මෙහෙය වූහ.
ද්‍රවිඩ සංගම් පිල ඕවර 50 කදී කඩුලූ 8ක් දැවී 232
(දෙනුවන් රාජකරුණා 69, පුලින තරංග 52, අශේන් සිල්වා 44, සචිත‍්‍ර සේරසිංහ 44/3, ඉසුරු උදාන 59/2)
වරාය අධිකාරිය ඕවර 49.4 කදී කඩුලූ 7ක් දැවී 236
(සචිත‍්‍ර සේරසිංහ 54, ඉසුරු උදාන නොදැවී 40, රොමේෂ් බුද්ධික 34/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.