Last Update  :  2026-04-20 18:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වත්තල ලයිසියම් ශූරතාව දිනයි
19න් පහළ ක්‍රිකට්

වත්තල ලයිසියම් ශූරතාව දිනයි

editorial - 2026 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ ‘ඒ’තලයේ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත්විය. අවසන් තරගයේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින්  හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීය.

තරගාවලියේ ශූරයින් වූ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ අනු ශූරයින් වූ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය ඉදිරි තරගවාරයේ සිට වයස අවුරුදු 19 න් පහළ පළමු කොටසේ ‘බී’තලයේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියට උසස්වීම් ලැබූහ.

කොස්ගම සාලාව යුද හමුදා පිටියේදී පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය හිමිකරගත් හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ඕවර 74.2කදී ලකුණු 244ක් රැස් කළේය. ලයිසියම් ජාත්‍යන්තර පාසල් ඉනිම වෙනුවෙන් ක්‍රියාත්මක වූ ඩිනෝෂ් ජෙලෝන් පන්දු 82 කදී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් රැස් කළේය.

ඊට පිළිතුරු ඉනිම ක්‍රියාක්මක කළ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 92කට සීමා කිරීමට ලයිසියම් පන්දු යවන්නෝ සමත්වූහ. රවිඳු ජයසිරි ලකුණු 18 කට කඩුලු 5ක් දවාලීය

ලකුණු 152ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ ලයිසියම් ජාත්‍යන්තර පාසල ඕවර 95කදී ලකුණු 276ක් රැස් කළේ තක්ෂිලා විදුහලට තරගය ජයගැනීම සඳහා ලකුණු 429 ක ඉලක්කයක් දෙමිනි.  දෙවැනි ඉනිමේදී දක්ෂ පිතිහරඹයකනිරතවූ  මිහිසර ඔෂාන් ලකුණු 99ක් රැස් කළ අතර, තිසංඟ සෙමිත් (68) සහ ශලිල ප්‍රභාෂ්වර (56) අර්ධ ශතක ලබාගත්හ.

තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය තරගය නතර කරන විට තම දෙවැනි ඉනිම වෙනුවෙන් ඕවර 49කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 121ක් ලබා සිටියේය. සන්දිත් රණවීර (40) සහ ජනිරු ඇතුලත්මුදලි (38) තක්ෂිලා දෙවැනි ඉනිම කඩාවැටීමට නොදී ආරක්ෂා කරගත්හ.

 

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල - පළමු ඉනිම  244 යි
(ඩිනෝෂ් ජෙලෝන් 51, ගගන් ඉනෝෂ් 42, මිහිසර ඔෂාන් 31, තිසඟ සෙමිත් 27, තරුෂ රණසිංහ 24, දනිදු නවරත්න 21, ශලිල ප්‍රභාෂ්වර 21.ජනිරු ඇතුලත්මුදලි 33/3, තිළිණ කුමාර 26/2, යසිත් වෙත්තසිංහ 36/2, රෂාන් නවාංජන 50/2)

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල -  දෙවැනි ඉනිම 276 යි
(මිහිසර ඔෂාන් 99, තිසඟ සෙමිත් 68, ශලිල ප්‍රභාෂ්වර 56, යසිරු ​​කල්හාර 59/6, රෂාන් නවාංජන 58/3)

හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම  92 යි
(සන්දිත් රණවීර 23, ඔමල්ක අමරසිංහ 23, රවිඳු විකසිත 18/5, සාදිල් ඩයස් 18/2, ඩිනෝෂ් ජෙලෝන් 30/2)

හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය -  දෙවැනි ඉනිම කඩුලු 3 ට 121 යි
(සන්දිත් රණවීර 40, ජනිරු ඇතුලත්මුදලි 38)

 

මිහිසර ඔෂාන් 

 

රවිඳු විකසිත


අදහස් (0)

වත්තල ලයිසියම් ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.