සී.සී.සී ක‍්‍රීඩාංගණයේදී පැවැති, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (12 වැනිදා) පැවැති තරගයේදී සී.සී.සී පිල පරදවා ලකුණු 63 කින් ජය ගැනීමට පානදුර කී‍්‍රඩා සමාජය සමත් විය.
සී.සී.සී පිල කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට පානදුර කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 50 කදී සියලූ දෙනාම දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 195 ක් පමණි. චන්දන අරවින්ද (62) අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත්විය.
ලකුණු 196 ක ඉලක්කයක් හඹාගිය සී.සී.සී පිල ඕවර 31 කදී සියලූ දෙනාම දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 132 ක් පමණි. කොෂාන් ධනුෂ්ක, ගයාන් සිරිසෝම සහ චරිත බුද්ධික කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත්විය.
පානදුර ඕවර 50 කදී සියලූ දෙනාම දැවී 195
(චන්දන අරවින්ද 62, චරිත බුද්ධික 46, අරෝෂ් ජනෝධ 25/3, චතුරංග කුමාර 36/2)
සී.සී.සී ඕවර 31 කදී සියලූ දෙනා දැවී 132
(ශාලික කරුණානායක 38, හසන්ත ප‍්‍රනාන්දු නොදැවී 24, කොෂාන් ධනුෂ්ක 20/3, ගයාන් සිරිසෝම 23/3, චරිත බුද්ධික 42/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.