Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලක්මාල්ගෙන් සාර්ථක ආරම්භයක්
එංගලන්ත අන්තර් ප්‍රාන්ත තරගාවලිය

ලක්මාල්ගෙන් සාර්ථක ආරම්භයක්

editorial - 2022 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ අන්තර් ප්‍රාන්ත තරගාවලියට පළමු වරට එක්වී සිටින සුරංග ලක්මාල්, තරගාවලියේ ආරම්භක දිනයේදීම සාර්ථක දස්කම් පෙන්වීමට සමත් වී තිබේ. ඩාර්බිෂයර් පිල නියෝජනය කරමින් තරග වදින ලක්මාල්, මිඞ්ල්සෙක්ස් පිලට එරෙහිව ලෝඞ්ස් පිටියේදී ඊයේ (7 වැනිදා) ආරම්භ වූ තරගයේ පළමු දිනයේදී ලකුණු 77 කට කඩුලු 2 ක් දවාගත්තේ දිනය පුරා බිඳවැටුණු කඩුලු 4 න් දෙකකට හිමිකරුවා වෙමිනි. දිනය අවසානයේදී මිඞ්ල්සෙක්ස් පිල කඩුලු 4 ක් දැවී ලකුණු 307 ක් ලබා සිටියේය. 

කාසියේ වාසිය දිනාගත් ඩාර්බිෂයර් පිල පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර මුලු ලකුණු සංඛ්‍යාව 13 ක් ව තිබියදී මාක් ස්ටෝන්මන් පිටියෙන් ඉවත් කිරීමට සුරංග ලක්මාල්ට හැකිවිය. එය මෙම තරගවාරයේදී ඩාර්බිෂයර් පන්දු යවන්නක විසින් දවාගන්නා ලද පළමු කඩුල්ලද වෙයි. 

පළමු කඩුල්ල ලකුණු 13 දී ඇද වැටුණද එතැන් සිට එක්වූ ජොෂුවා මයිකල් ඩි’කෙයාර්ස් (80) සහ ස්ටීවන් එස්කිනාසි (118), දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 186 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් මිඞ්ල්ස්සෙක්ස් පිල ඉදිරියට ගෙන ගියහ. 

ජොෂුවා මයිකල් ඩි’කෙයාර්ස් යනු අනෙකකු නොව, එංගලන්තයේ හිටපු නායක මයිකල් ඇතර්ටන්ගේ පුතණුවන්ය. මෙය ඔහු එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී ජොෂුවා ලබාගත් මංගල අර්ධ ශතකයයි. 

ජොෂ්ගේ සීයා වන ෆ්‍රැන්සිස් ඉග්නේෂස් ඩි’කෙයාර්ස් 1930 දී බටහිර ඉන්දීය පිල වෙනුවෙන් ටෙස්ට් තරග 3 ක් ක්‍රීඩා කළ අයෙකි. පියා වන මයිකල් ඇතර්ටන් ටෙස්ට් තරග 115 කදී, ශතක 17 ක් ද සමගින් ලකුණු 7728 ක් රැස්කළ ආරම්භක පිතිකරුවෙකි. 1996 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත පිලේ නායකයාව සිටියේද මයිකල් ඇතර්ටන්ය. 

මිඞ්ල්සෙක්ස් - පළමු ඉනිම කඩුලු 4 ක් දැවී 307 යි
(මාක් ස්ටෝන්මන් 12, ජොෂුවා ඩි’කෙයාර්ස් 80, ස්ටීවන් එස්කිනාසි 118, රොබී වයිට් නොදැවී 40, මැක්ස් හෝල්ඩන් 35, ජැක් ඬේවිස් නොදැවී 10, සුරංග ලක්මාල් 77/2)

- 213


අදහස් (0)

ලක්මාල්ගෙන් සාර්ථක ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.