Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රොෂේන් - මොනිමුල් නව එක්දින වාර්තාවක

රොෂේන් - මොනිමුල් නව එක්දින වාර්තාවක

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ පැවැත්වෙන ‘ඩකා ප‍්‍රීමියර්’ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි  වී සිටින ශ‍්‍රී ලංකා පිතිකරු රොෂේන් සිල්වා ලකුණු 140 ක් රැස්කරමින් ‘ඒ’ ලයිස්තුවේ, එක්දින ක‍්‍රිකට් වාර්තාවක කොටස්කරුවෙක් බවට පත්විය.

ප‍්‍රිම් ඩොලිෂ්වර් ක‍්‍රීඩා සමාජය වෙනුවෙන් රොෂේන් සිල්වා (140) සහ බංග්ලාදේශ ටෙස්ට් පිතිකරු මොනිමුල් හක් (129) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 276 ක සම්බන්ධතාවක් පවත්වමින් ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති වසර 15 ක් පැරණි වාර්තාව බිද දැමීමට සමත් වූහ.

ඉන්දීය හිටපු නායක මොහොමඞ් අසාරුඞීන් (නොදැවී 153) සහ අජෙයි ජඬේජා (නොදැවී 116) සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 275 ක් රැස්කරමින්  සිවුවැනි කඩුල්ල වෙනුවෙන්  1998 වසරේදී පැරණි වාර්තාව පිහිටුවා තිබුණි.

තවමත් 24 වැනි වියේ පසුවන රොෂේන් සිල්වා පන්දු 127 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු 140 ක් රැස් කිරීමට සමත් විය. 21 හැවිරිදි මොනිමුල් හක් පන්දු 122 කදී හතරේ පහර 13 ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 129 ක් රැස් කළේය.

අබාහනි ලිමිටඞ් පිලට එරෙහිව පැවැති මෙම තරගයේ,  ප‍්‍රිම් ඩොලිෂ්වර් ක‍්‍රීඩා සමාජය ලකුණු 41 කට කඩුලු 3 ක් දැවී සිටියදී රොෂේන් සහ මොනිමුල් සිවුවැනි කඩුල්ල ස`දහා පවත්වාගත් ලකුණු 276 ක සම්බන්ධතාවය තම කණ්ඩායම ලකුණු 320 ක් දක්වා රැගෙන ආ අතර ලකුණු 58 කින්  ජය ලැබීමට හේතුවිය.

ශ‍්‍රී ලංකා අන්තර් සමාජ පිටියේ ප‍්‍රබලතම පිතිකරුවකු වන රොෂේන් සිල්වාට ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ස්ථානය අහිමිවීම හේතුවෙන් මෙම තරගාවලියට සහභාගි විය.

මෙම තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් වන තරංග පරණවිතාන, ඉන්දික ද සේරම් සහ ජනක ගුණරත්න අබාහනි ලිමිටඞ් පිලට ක‍්‍රීඩා කළ අතර තිලකරත්න සම්පත්, ප‍්‍රිම් ඩොලිෂ්වර් පිලට ක‍්‍රීඩා කළේය.

 


අදහස් (0)

රොෂේන් - මොනිමුල් නව එක්දින වාර්තාවක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.