Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියානු ටෙස්ට් පිලේ සිටි ප්‍රවීණ කඩුලු රකින්නකු වූ රොඞ්නි මාෂ් මහතා තදබල හෘදයාබාදයක් හේතුවෙන් රෝහල්ගත කරනු ලැබ ඇත. අසනීප වන විට ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ක්‍රිකට් සමාජයක් වන ‘බුල්ස් මාස්ටර්ස්’ ක්‍රීඩා සමාජයේ සමාජ සත්කාර ඒකකයේ කටයුත්තක් වෙනුවෙන් යමින් සිටියදී හෘදයාබාධයට ලක්වී තිබේ.
මේ වන විට 74 හැවිරිදි වියේ පසුවන රොඞ්නි මාෂ් මහතා, 70 දශකයේ සිට 1984 දක්වාම ඕස්ටේ්‍රලියානු ටෙස්ට් පිලේ ප්‍රබලතම සාමාජිකයෙක් විය. ඉයන් සහ ග්‍රෙග් චැපල් සොහොයුරන් මෙන්ම ඩෙනිස් ලිලී, ජෙෆ් තොම්සන් සහ ඇලන් බෝඩර් වැන්නෝ රොඞ්නි මාෂ්ගේ සමකාලීනයෝ වූහ.
1970 සිට 1984 දක්වා වසර 14 ක කාලයක් පුරා ටෙස්ට් තරග 96 කට සහභාගි වූ කඩුලු රකින්නා, ටෙස්ට් දවාගැනීම් 355 කට දායක වෙමින් එය ලෝක වාර්තාවක් කරා ගෙන ගියේය.
වසර 50 කට වැඩි කාලයක් තිස්සේ ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ක්‍රීඩාව සමග බද්ධව සිටි රොඞ්නි මාෂ් කඩුලු රකින්නකු වශයෙන් පමණක් නොව පුහුණුකරුවකු ලෙසින්ද කටයුතු කළ අතර ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් විද්‍යාතනයේ අධ්‍යක්‍ෂකවරයා ලෙසින්ද කලක් කටයුතු කළේය. පසුව ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා වශයෙන්ද කටයුතු කරමින් සිට 2016 දී ඉන් ඉවත් විය.
රොඞ්නි මාෂ් මහතාගේ තත්ත්වය තරමක් බරපතළ බව වාර්තා වේ. මාෂ් මහතාව රෝහල්ගත කිරීමට ගිලන් රථයක් එන තෙක් පමා වූයේ නම් ඔහුගේ ජීවිතය අහිමිවීමේ අවදානමක් තිබූ බවද කියැවේ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.