Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රේවත සික්සස් ශුරතාව දේවපතිරාජයට

රේවත සික්සස් ශුරතාව දේවපතිරාජයට

editorial - 2022 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)

බලපිටිය රේවත විද්‍යාලයීය ආදී ක්‍රිකට් සංගමය සංවිධානය කල රේවත සික්සස් ආරාධිත පාසල් වයස 19න් පහල චන්ද්‍රා ජයරත්න අනුස්මරණ කුසලාන සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශුරතාව රත්ගම දේවපතිරාජ විද්‍යාලය විසින් දිනා ගන්නා ලදි.

තරගාවලියේ අනුශුරතාව අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයට හිමිවිය .

මේ තරගාවලිය දිවයිනේ පාසල් 24 ක වයස 19 න් පහල ක්‍රිකට් කණ්ඩායම් අතර බලපිටිය ගුරු විදුහල් ක්‍රීඩාංගනයේ පැවැත්විණ. තරගාවලියට සහභාගිවූ පාසල් 24 න් අවසන් පුර්ව වටය සදහා රත්ගම දේවපතිරාජ ,අම්බලන්ගොඩ දේවානන්ද, ගාල්ල ශාන්ත ඇලවිසියස්  සහ අම්බලන්ගොඩ පි.ද.එස්.කුලරත්න යන විදුහල් තේරී පත්වුහ .

අවසන් පුර්ව වටයේදී ගාල්ල ශාන්ත ඇලවීසියස් විද්‍යාලය පරාජය කරමින් රත්ගම දේවපතිරාජ විද්‍යාලයද අම්බලන්ගොඩ පි.ද.එස්.කුලරත්න විද්‍යාලය පරාජය කරමින් අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයද අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත්හ .

අවසන් මහා තරගයේදී දේවානන්ද විද්‍යාලය එක ලකුණකින් පරාජය කළ රත්ගම දේවානන්ද විද්‍යාලය තරගාවලියේ ශුරතාව දිනා ගත්තේය.

 

දේවපතිරාජ විද්‍යාලය ඕවර 5 කදී කඩුලු 4ක් දැවී 63
(පැතුම් ශාමින්ද 22, තරිදු රුක්ෂාන් 15)

 දේවානන්ද විද්‍යාලය ඕවර 5 කදී කඩුලු 4ක් දැවී 62
( ෂෙහාන් රශ්මිත 24, දසුන් දිල්ශාන් 7/3 )


අදහස් (0)

රේවත සික්සස් ශුරතාව දේවපතිරාජයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.