Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රීබෝන් ක්‍රිකට් ශූරියන්ට ලක්ෂයක්

රීබෝන් ක්‍රිකට් ශූරියන්ට ලක්ෂයක්

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් (බාලිකා) රීබෝන් කුසලාන ටෙනිස් බෝල සය සාමාජික තරගාවලිය ලබන සෙනසුරාදා හා ඉරිදා (11-12) කොළඹ මුවර්ස් පිටියේදී පැවැත්වේ.

කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් (කාන්තා) සංගමයේ 20වැනි සංවත්සරය නිමිත්තෙන් රීබෝන් කොස්මෙටික්ස් පෞද්ගලික ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම බාලිකා සය සාමාජික ක්‍රිකට් තරගාවලි සඳහා කොළඹ මෙන්ම ග්‍රාමීය පළාත් වලින්ද බාලිකා පාසල් කණ්ඩායම් ඉදිරිපත්වීම කැපීපෙනෙන බව කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී  කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමයේ සභාපතිනි රෝහිණී ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

මෙම තරගාවලියේ ශූරියන්ට රීබෝන් කුසලාන සමග රුපියල් 100000 ක්ද, අනුශූරතාවට රුපියල් 50000 ක්ද ප්‍රදානය කෙරේ. මීට අමතරව තරගාවලියේ තෙවැනි හා සිව්වැනි ස්ථාන සඳහාද තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව, දක්ෂතම පන්දු රකින්නිය, අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව, වැඩිම හතරේ පහර එල්ල කරන ක්‍රීඩිකාව, වැඩිම හයේ පහර එල්ල කරන ක්‍රීඩිකාව, හොඳම උඩපන්දු රකින්නිය සඳහා රිබෝන් ශූරතා කුසලාන සමග රීබෝන් නිෂ්පාදන අඩංගු ත්‍යාග පාර්සල් ප්‍රදානය කිරීම තරගාවලිය අනුග්‍රාහක ආයතනය ඉදිරිපත්ව සිටියි.

තරගාවලියේ අවසන් මහ තරග ඉරිදා පස්වරු 4.30ට ආරම්භ වේ. එහි ප්‍රධාන ආරාධිතයා වන්නේ වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාය. විශේෂ ආරාධිත අමුත්තිය ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ බිරිඳ වන වෙරුණි කරුණාරත්න මහත්මිය සහභාගී වීමට නියමිතය.

 

තරගාවලියට සහභාගී වන කණ්ඩායම්

කොළඹ විශාකා, කොළඹ බිෂොප්, කොළඹ මියුසියස්, බොරැල්ල දේවිබාලිකා, මරදාන ගෝතමී, නුගේගොඩ අනුලා, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක, දෙහිවල ප්‍රෙස් බෙටීරියන් බාලිකා, ගල්කිස්ස උසස් බාලිකා, මොරටුව ම.වි., මොරටුව වේල්ස් කුමරි, වත්තල ශා. ආනා බාලිකා, පෑලියගොඩ ධර්මදාස ම.වි., රත්ගම දේවපතිරාජ, වත්තල අටාමි ජාත්‍යන්තර පාසල, සපුගස්කන්ද විශාකා, හොරණ තක්ෂිලා මැදි විදුහල, මහනුවර ශා. අන්තෝනි බාලිකා, කොටදෙණියාව ම.වි., කෑගල්ල ස්වර්ණ ජයන්ති ම.වි., කොළඹ ක්ලිෆ්ටන් බාලිකා, ගම්පහ රත්නාවලී බාලිකා, නුගේගොඩ ශා. ජෝශප් බාලිකා, හොරණ ශ්‍රීපාලි, මහනුවර ගෝතමී බාලිකා, මහනුවර මහාමාත්‍ය බාලිකා, ගල්කිස්ස බෞද්ධ බාලිකා

 

අන්තර් පාසල් සය සාමාජික බාලිකා ටෙනිස් බෝල ක්‍රිකට් තරගාවලියට අනුග්‍රහය දක්වන රීබෝන් කොස්මෙටික්ස් පෞද්ගලික ආයතනය වෙනුවෙන් එහි පරිපාලන කළමනාකරණ හා උපදේශක අනෝජ් තල්කුඹුර මහතා කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිනි රෝහිණී ප්‍රනාන්දු මහත්මියට අනුග්‍රාහක චෙක්පත ප්‍රදානය කළ අයුරු....

මෙම ආයතනයේ ලාංඡන කළමනාකරු සුරාජ් දිල්ෂාන්, කළමනාකාර අධ්‍යක්ෂ එස්. ශිවරාසා, කොළඹ කාන්තා ක්‍රිකට් සංගමයේ ඩෙරික් ෆොන්සේකා හා මාධ්‍ය ලේකම් නිර්මලී ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහුද මෙහි වෙති.

(ඡායාරූපය - ඉසුරු පෙරේරා)

 


අදහස් (0)

රීබෝන් ක්‍රිකට් ශූරියන්ට ලක්ෂයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.