අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කෑගල්ල ශාන්ත මරියා විදුහල සහ කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල අතර රාහුල විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල සමත් විය.
එහිදී ශ්‍රී රාහුල විදුහලේ කුෂාන් සෙනරත් (84) සහ ධනංජය බණ්ඩාර (59) ද, ශාන්ත මරියා විදුහල් සිනෙත් ඉෂාන් (85), ඉෂාන් භානුක (84) සහ දිනෙත් පෙතියගොඩ (61) ද අර්ධ ශතක ලබාගත්හ.
ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 51.2 කදී සියලු දෙනා දැවී 172
(සිනෙත් ඉෂාන් 85, සහන් මිලින්ද 24/4, තරිඳු ෆොන්සේකා 22/3, ආකාශ් කාරියවසම් 47/2)
ශ්‍රී රාහුල විදුහල් පළමු ඉනිම - ඕවර 74 කදී සියලු දෙනා දැවී 248
(කුෂාන් සෙනරත් 84, ධනංජය බණ්ඩාර 59, ප්‍රවීන් ලියනගේ 50/5, මලීෂ සේනානායක 60/2)
ශාන්ත මරියා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 64 කදී කඩුලු 7 ක් දැවී 242
(ඉෂාන් භානුක 84, දිනෙත් පෙතියගොඩ 61, දෙනෙත් ඉෂාන් 25, සංදීප් වීරසූරිය 21, සහන් මිලින්ද 64/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.