
(දමින්ද විජේසූරිය)
කොළඹ පී, සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) ආරම්භ වූ 14 වැනි ස්වර්ණ සිංහ සංග්‍රාමයේදී මාතර රාහුළයෝ පන්නිපිටිය ධර්මපාල කණ්ඩායම අමාරුවේ දැමූහ. තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් රාහුල කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 345 ක් ලබාගත් අතර අද දිනය නිමා වීමට පෙර ධර්මපාල කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 46 ක් ඇතුළත බිඳ දැමීමටත් රාහුලයෝ සමත් වූහ.
දෙදින තරගයක් වන මෙම තරගයේ පළමු දිනය නිමා වන විට ධර්මපාල කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 47 ක් ලබා සිටියේය.
අලංකාර ශතකයක් ලබාගනිමින් රාහුලයන් ශක්තිමත් කළ නායක සදෙව් රිද්මක පන්දු 147 කට මුහුණ දෙමින්, හතරේ පහර 12 කින් සහ හයේ පහර දෙකකින් සිය පිතිහරඹය සරසාලීය.
කාසියේ වාසිය දිනාගත් ධර්මපාල විද්‍යාලය පළමුවෙන් පන්දු යැවීම තෝරාගනිමින්, ලකුණු 145 ක් ඇතුළත රාහුලයේ කඩුලු 5 ක් දවාගත්හ. එහෙත් සදෙව් රිද්මක සහ ප්‍රමුදිත නවාංජන (40) එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩනංවමින් ලකුණු සංඛ්‍යාව 225 ක් දක්වා ඉදිරියට ගෙන ගියහ. පසුව මිනුග ලක්විදු (නොදැවී 70) සමගින් එක්වූ සදෙව් හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 120 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් රාහුලයේ ලකුණු සංඛ්‍යාව 345 ක් දක්වා ඉදිරියට ගෙන ගියේය.
ධර්මපාල පිතිකරුවන්ගේ වාරයේදී පන්දුවෙන් දස්කම් දැක්වූ උචිත කෙවින් ලකුණු 21 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්නිපිටියේ පිතිකරුවන් අමාරුවේ දැම්මේය.
මාතර රාහුල විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 7 ට 345 යි
(පවර පබසර 22, සසිනු බැට්ටගේ 48, ආයු කමරුා 35, සදෙව් රිද්මක 114, ප්‍රමුදිත නවාංජන 40, මිනුග ලක්විදු නොදැවී 70, අනුහස් මිහිරාන් 36/2, නිසලිත සන්දිව් 99/2)
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 5 ට 47 යි
(යොමාල් ඩැනියෙල් 15, නිසලිත සංදිව් 22, උචිත කෙවින් 21/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.