Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ තෙවැනි සතියේ තරග අද (14 වැනිදා) ආරම්භවූ අතර එහිදි රාගම පිලට එරෙහිව කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සැරසන්ස් පිලේ කසුන් රාජිත සමත්විය.
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැති අතර පළමුව පන්දුවට පහරදුන් රාගම පිලට සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 119 ක් පමණි.
ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න ලකුණු 28 ක් ලබාගනිමින් රාගම පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාව පසුකිරීමට පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.
ලකුණු 28 ක් තුල මුල් පිතිකරුවන් 5 දෙනෙකු පිටියෙන් ඉවත් කළ කසුන් රාජිත තවත් කඩුලු 3 ක් දවාගනිමින් රාගම පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්විය. ලකුණු 31 කට කඩුලු 8 ක් දවාගත් කසුන් රාජිත පළමු පෙළ තරගයකදී දැක්වූ ඉහළම දක්ෂතාවය ලෙස වාර්තා පොත් අතරට එක්විය.
පළමු දිනට තරගය අවසන් කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි සැරසන්ස් පිල කඩුල්ලක් දැවී ලකුණු 134 ක් රැස්කර සිටියේය.
සිතාර ගිම්හාන් (74) සහ නවිඳු නිර්මාල් (නොදැවී 52) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර රාගම පිල පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 15 ක් ඉදිරියෙන් සිටීමට සැරසන්ස් පිල මේ වනවිට සමත්වී ඇත.
තවත් තරග 4 ක් අද ආරම්භවූ අතර එහිදී එන්.සී.සී පිලේ සහන් ආරච්චිගේ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර මේරියන්ස් පිලේ අසිත ප්‍රනාන්දු, කෝල්ට්ස් පිලේ ප්‍රභාත් ජයසූරිය කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
රාගම සහ සැරසන්ස් කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
රාගම පළමු ඉනිම - සියලුදෙනා දැවී 119
(ළහිරු තිරිමාන්න 28, කසුන් රාජිත 31/8)
සැරසන්ස් පළමු ඉනිම - කඩුල්ලක් දැවී 134
(සිතාර ගිම්හාන් 74, නවිඳු නිර්මාල් නොදැවී 52)
සේරසිංහට ශතකය අහිමිවෙයි
බී.ආර්.සී සහ මූවර්ස් කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී
මූවර්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 353
(පබසර වඩුගේ 76, සචිත්‍ර සේරසිංහ 94, අදීෂ තිලංචන 64, ප්‍රවීන් ජයවික්‍රම නොදැවී 30, චතුර රංදුනු නොදැවී 20, දුවිඳු තිලකරත්න 103/3, කෙවින් කොත්තිගොඩ 34/2, තරිඳු කෞෂාල් 58/2, සොහබුල්ලා 66/2)
බී.ආර්.සී පළමු ඉනිම - කඩුල්ලක් දැවී 23
සහන්ගෙන් ශතකයක්
හලාවත මේරියන්ස් සහ එන්.සී.සී කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී 312
(චතුරංග ද සිල්වා 47, සහන් ආරච්චිගේ 128, චාමික ගුණසේකර 50, අසිත ප්‍රනාන්දු 46/5, නිමසර අතරගල්ල 58/2, ශෙහාන් ජයසූරිය 90/2)
මේරියන්ස් පළමු ඉනිම - කඩුල්ලක් දැවී 35
ජයසූරියගෙන් කඩුලු 5 ක්
කෝල්ට්ස් සහ එස්.එස්.සී කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී 301
(සඳුන් වීරක්කොඩි 55, චරිත් අසලංක 32, කවිඳු කුලසේකර 36, ක්‍රිෂාන් සංජුල 54, සම්මු අෂාන් 41, සචිත්‍ර සේනානායක 39, ප්‍රභාත් ජයසූරිය 89/5, ධනංජය ලක්ෂාන් 49/2)
කෝල්ට්ස් පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 14
(සචිත්‍ර සේනානායක 04/2)
යුදහමුදාව 155, මීගමුව 164/2
යුදහමුදා සහ මීගමුව කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී
යුදහමුදා පළමු ඉනිම - සියලුදෙනා දැවී 155
(හිමාෂ ලියනගේ 56, උපුල් ඉන්ද්‍රසිරි 73/3, සාද් නසීම් 04/2, ඩිල්ෂාන් මුණවීර 29/2)
මීගමුව පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 164
(ඩිල්ෂාන් මුණවීර 40, අෂේන් සිල්වා නොදැවී 61, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 51, සීකුගේ ප්‍රසන්න 66/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.