Last Update  :  2025-12-29 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මොරටුවේ එක්දින තරගය සමවෙයි

මොරටුවේ එක්දින තරගය සමවෙයි

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

මොරටුව වේල්ස්කුමර විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර පැවැති සීමිත  ඕවර කි‍්‍රකට් තරගය දෙපිලේම ලකුණු සම වීම නිසා ජය පරාජයෙන් තොරව අවසන්විය. මෙම තරගය මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී අද (9 වැනිදා) පැවැත්විණ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 183 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත සෙබස්තියන් විදුහලට නියමිත  ඕවර 50 අවසානයේ කඩුලූ 7 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 182 ක් පමණි.

එම ලකුණු සංඛ්‍යාව හඹායෑමේදී සංගීත් කුරේ (42) සහ ලූක් ජයදේව (24) එක්ව සෙබස්තියන් පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර තෙවැනි පිතිකරු ලෙස පිටියට පිවිසි අවිෂ්ක ප‍්‍රනාන්දු ලකුණු 43 ක් රැස්කරමින් ඔවුන්ට මනා සහයක් දුන්නේය.

නොදැවී ලකුණු 44 ක් රැස්කරමින් සෙබස්තියන් පිලේ නායක අනුක් ප‍්‍රනාන්දු තරගය නිමාවන තෙක් කඩුල්ලේ රැදීසිටියද ඔහුගේ එම උත්සහය තරගය ජයගැනීම සඳහා ප‍්‍රමාණවත් නොවීය.

කාසියේ වාසිය දිනාගත් සෙබස්තියන් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා වේල්ස්කුමර විදුහලට ආරාධනා කර සිටි අතර  ඕවර 49.3 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 182 ක් රැස්කිරීමට ඔවුහු සමත්වූහ.

එහිදී අශේන් මෙන්ඩිස් සහ හසිත ලංකා ලකුණු 35 බැගින් රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූ අතර ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ නායකත්වය දරන කුසල් මෙන්ඩිස්ට මෙම තරගයේදී රැුස්කරගත හැකිවූයේ ලකුණු 32 ක් පමණි.

ශාන් ප‍්‍රනාන්දු සහ උමේෂ්ක මොරායස් කඩුලූ 3 බැගින් දවාලමින් වේල්ස්කුමර පිලේ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ලකිරීමට සමත්වූහ.


වේල්ස්කුමර විදුහල -  ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී 182
(කුසල් මෙන්ඩිස් 32, අශේන් මෙන්ඩිස් 35, කි‍්‍රෂේන් අපොන්සු 21, හසිත ලංකා 35, උමේෂ්ක මොරායස් 29/3, ශාන් ප‍්‍රනාන්දු 49/3, අනුක් ප‍්‍රනාන්දු 41/2)

සෙබස්තියන් විදුහල -  ඕවර 50 කදී කඩුලූ 7 ක් දැවී 182
(සංගීත් කුරේ 42, ලූක් ජයදේව 24, අවිෂ්ක ප‍්‍රනාන්දු 43, අනුක් ප‍්‍රනාන්දු නොදැවී 44, කුසල් මෙන්ඩිස් 28/2, සචිත් පුෂ්පකුමාර 36/2)

 


අදහස් (1)

මොරටුවේ එක්දින තරගය සමවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.